ඉදිරි ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 1000ක් (රුපියල් බිලියන 10ක්) පමණ වැයවන බවට දැනට ඇස්තමේන්තු කර ඇතැයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
මෙයට අදාළ ප්‍රතිපාදන 2024 අයවැයෙන් ද වෙන්කර ඇත. පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය අනුව ලබන සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසය අතර ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බවද සඳහන්ය. ලියාපදිංචි දේශපාලන පක්ෂ 86ක් දැනට මෙරට ක්‍රියාත්මකය.