ජනසවියටත් වඩා ශක්තිමත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙලක් තව මාස කිහිපයකින් ආරම්භ කිරීමට තමන් කටයුතු කරන බව සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ඒ හරහා මෙරට සෑම දුප්පත් පවුලකටම දුප්පත්කමින් මිදීමට වටපිටාව සකස් කරන බවද එතෙම පැවසීය.
මේ වසර අවසානයේ නිර්මාණය වන හැරවුම් ලක්ෂය හරහා මෙරට ලක්ෂ 220 ක ජනතාවගේ ආයු කාලයද වර්ධනය කරන වර්ධනය සැමට සෞභාග්‍ය සැමට සංවර්ධනය සැමට ආර්ථික වර්ධනයේ ප‍්‍රතිලාභ ලැබෙන පොදු ජන යුගයේ බිහි කරන බවත් ඒ මහතා කියා සිටී.
ඒ මහතා මේ අදහස් පලකලේ සමගි ජන බලවේගය විසින් කුරුණෑගල හිරියාල ප්‍රදේශයේ සංවිධානය කර තිබු ජන රැලියක් අමතමිනි.