Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

ජූලි මාසයේ ලයිට් බිලට වෙන්න යන වැඩේ!

CMBNEWS by CMBNEWS
June 15, 2024
in පුවත්
0
ජූලි මාසයේ ලයිට් බිලට වෙන්න යන වැඩේ!
0
SHARES
341
VIEWS
Share on FacebookShare on Twitter

මේ දිනවල පවතින අධික වර්ෂාව හමුවේ ජල විදුලිය උත්පාදනය ඉහළ ගොස් තිබේ. ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ පිරී යෑම නිසා විදුලි නිෂ්පාදනය දෙගුණයක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ හේතුවෙන්  පසුගිය දිනවල සමස්ත විදුලි සැපයුමෙන් 47% ක් පමණ නිපදවන ලද්දේ ජල විදුලියෙනි. ජල විදුලි නිෂ්පාදනය ඉහළ යෑමත් සමඟ තාප විදුලි සැපයුමද මේ වන විට 25 % ක් දක්වා පහත වැටී ඇතැයි වාර්තා වේ.

ජල විදුලිය උත්පාදනය සඳහා ඒකකයකට වැය වන්නේ රු. 4.50ක පමණ පිරිවැයකි. ගල්අඟුරුවලින් විදුලිය ජනනය කිරීමේදී ඒකකයකට රු. 18ක් පමණ වැය වන අතර, ඩීසල්වලින් විදුලිය ජනනය කිරීමේදී ඒකකයකට රුපියල් 32ක් පමණ වැය වන බව සඳහන්ය. එහෙයින් ජල විදුලිය මගින් විදුලිය උත්පාදනය වැඩි කළ හැකි නම් එය වඩාත් ලාබදායකය.

වර්තමානයේ ජල විදුලිය උත්පාදනය ඉහළ යෑම හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ පිරිවැය අවම වන අතර එම ලාබය ජනතාවට ලබා දිය යුතුය. පසුගිය කාලයේ  500% කින් පමණ අධික ලෙස විදුලිය බිල වැඩි කරමින් ජනතාව මත පටවා ඇති බර යම් පමණකින් අවම කිරීමට පසුගිය කාලයේ සුළු අඩුකිරීම් කළද එය වැඩි කළ ප්‍රතිශතයට සාපේක්ෂව ප්‍රමාණවක් නොවේ. විදුලි බිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් පසුගිය දෙසැම්බරය වන විට විදුලිය බිල ගෙවා ගත නොහැකි වූ විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 7කට රතු නිවේදන නිකුත් කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබිණි. මෙරට සමස්ත ජනගහණයෙන් ලක්ෂ 70ක් පමණ විදුලි පාරිභෝගිකයන් වන අතර ඔවුන්ගෙන්  10% කට පමණ විදුලි බිල ගෙවා ගැනීමට නොහැකි වීම ඛේදවාචකයකි.

වසර ගණනාවක් දිගින් දිගටම බිලියන ගණන් පාඩු ලැබූ ලංකා විදුලිබල මණ්ඩලය 2023 වසරේ රුපියල් බිලියන 68.5ක ශුද්ධ ලාභයක් ලබා ඇතැයි එම ආයතනය විසින් පසුගිය වසර අවසානය සඳහා නිකුත් කළ මූල්‍ය වාර්තා පෙන්වා දෙයි. 2022 වසරේ විදුලිබල මණ්ඩලය ලද ශුද්ධ අලාභය රුපියල් බිලියන 286.9කි. 2022 අගෝස්තු මාසයේ සිට පිරිවැය පරාවර්තක (cost-reflective) මිල ගණන් අනුව විදුලිය ගාස්තු අය කරනු ලබයි.  කලින් මාස හයකට වරක් විදුලිය ගාස්තු සංශෝධනය කිරීමට තීරණය වුවද මේ වන විට එය කාර්තුවකට වරක් සංශෝධනය කිරීමට තීරණය වී තිබේ.

අවසන් වරට විදුලිය ගාස්තු සංශෝධනයක් සිදුවූයේ පසුගිය මාර්තු මාසයේ දීය. ඒ අනුව ඒකක 0 – 30 දක්වා 33.3% කින්ද, ඒකක 31 – 60 දක්වා 28% කින්ද, ඒකක 51 – 90 දක්වා 30% කින්ද, ඒකක 91 – 180 දක්වා 24% කින්ද, ඒකක 180 වඩා වැඩි පිරිසට 18% කින්ද විදුලිය ගාස්තුව අඩු කරන්නට විදුලිබල මණ්ඩලය පියවර ගත්තේය. එය සමස්තයක් ලෙස 21. 9% ක පමණ අඩුවීමකි.

විදුලි බිල අඩු කිරීමට අදාළ යෝජනාවලිය විදුලිබල මණ්ඩලය විසින් ඉදිරි සති දෙක ඇතුළත ලබාදුනහොත් ජූලි මස මැද භාගය වන විට විදුලිය ගාස්තුව අඩු කළ හැකි යැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. මැයි 01 වැනිදා වන විට විදුලි බිල අඩු කිරීමට අදාළ යෝජනාවලිය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද පසුගිය 27 වැනිදා සිට සති 2ක කාලයක් ඒ සඳහා ලබාදෙන ලෙස විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටි බව සභාපතිවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම යෝජනාවලිය ලැබුණු පසු මහජන අදහස් විමසීමෙන් අනතුරුව විදුලි ගාස්තු අඩු කිරීමට හැකිවනු ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කර තිබේ.

විදුලි පාරිභෝගික ගාස්තු සංශෝධන යෝජනාව අවසන් කිරීම සඳහා ලංවිම ගාස්තු අංශය සමඟ සාකච්ඡා පැවැත්වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර තිබිණි. සෑම වසරකම කාර්තුවකට වරක්, වියදම් නිරෑපණය වන පරිදි විදුලි අය ක්‍රමවේදය සංශෝධනය කිරීමට පසුගිය වසරේදී රජය ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹුණු අතර ඒ අනුව සෑම කාර්තුවකට වරක් ගාස්තු සංශෝධනය කිරීමට තීරණය කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කර තිබේ. ඒ අනුව ජූලි මාසයේදී ගාස්තු සංශෝධනයක් සිදුකෙරෙන බවත්, ඒ සම්බන්ධයෙන් වන යෝජනාව මේ සතියේදී මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය.

”දැන් පවතින වාතාවරණය යටතේ විදුලි බිල 10.% ත් 20% ත් අතර ප්‍රමාණයකින් අඩු කළ හැකියි. ලෝකයේ ගල්අඟුරු මිලත් විශාල ලෙස පහත බැහැලා. ඒ නිසා ගල්අඟුරු සඳහා වැය වන පිරිවැයත් විශාල ප්‍රමාණයකින් අඩුවෙලා තිබෙනවා. විදුලි බිල අඩු කරන්න පුළුවන්. ඒ සඳහා වන යෝජනාව මේ සතියේ මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් වෙනවා. එසේ වුවහොත් එම පනතේ සඳහන් කරුණුවලට අනුව ඉදිරියේදී විදුලි බිල තවත් වැඩි වේවි.” යනුවෙන් ප්‍රකාශ කළේය.

විදුලිය පරිභෝගිකයන්ගේ සංගමයේ සභාපති එම්. ජී. ආර්. අතුල මහතා පෙන්වා දෙන්නේ විදුලි ඉංජිනේරුවන් පවසන පරිදි 10% කින් හෝ 20% කින් නොව අවම වශයෙන් 35% කින් විදුලිය බිල අඩු කළ හැකි බවටය. විදුලිබල මණ්ඩලය ගිය අවුරුද්දේ බිලියන 65 පමණ ලාබයක් ලැබුවා. මේ අවුරුද්දේ බිලියන 85කට වැඩිය ලාබ ලබල තියෙනවා. විදුලිබල මණ්ඩල පනතේ තියෙන්නේ එය ලාබ උපදවන ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට නොවෙයි. ඒ නිසා මේ ලාබය විදුලි පාරිභෝගිකයන්ට ලබා දෙන්න කියල අපි ඉල්ලනවා.* යනුවෙන් සඳහන් කළේය.

විදුලිය බිල අඩු නොවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අදහස් දක්වා තිබිණි. ඔහු කියා සිටියේ මේ දිනවල අධික වැසි පවතින අතර විදුලිය උත්පාදනය කෙරෙන්නේ ජල විදුලියෙන් වුවද විදුලි බිල අඩු කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නොමැති බවටය. විදුලිබල මණ්ඩලයට, විදුලිබල ඇමැතිවරයාට සහ මහජන උපයෝගිතා කොමිසමට ජල විදුලිය උත්පාදනය ඉතා ඉහළ අගයක පවතින මොහොතක පවා  විදුලි බිල අඩු කිරීමට නොහැකි නම් ඒ තුළ දූෂිත ක්‍රියාවක් පවතින බවද සඳහන් කළේය.

මේ අතර  විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට ලබා දීමට නියමිත විදුලිය ගාස්තු අඩු කිරීම පිළිබඳ යෝජනාව අනුව  ඒකක 0 – 30 අතර ලක්ෂ 18ක් වන විදුලි පාරිභෝගිකයන්ට දැනට ඒකකයකට අයකරන රුපියල් 8 ක මුදල රුපියල් 6ක් දක්වා අඩු කිරීමටත්, ඒකක 30 – 60ත් අතර ලක්ෂ 20කට අධික පාරිභෝගිකයන් පිරිසට දැනට ඒකකයට අයකරන රුපියල් 20ක මුදල රුපියල් 9 දක්වා අඩු කිරීමටත්, ඒකක 60 – 90 අතර භාවිත කරන ලක්ෂ 15 පමණ පාරිභෝගිකයන්ගෙන් දැනට ඒකකයකට අය කරන  රුපියල් 30ක මුදල රුපියල් 18 දක්වා අඩු කිරීමට හා  ඒකක 90 – 120 දක්වා දැනට ඒකකයකට රුපියල් 50ක් අය කරන පාරිභෝගිකයන්යන්ට ඒකකයට රුපියල් 30 දක්වා අඩු කිරීමටත් නිර්දේශ කර ඇතැයි විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මහජන උපයෝගිතා කොමිසම මෙම ගාස්තු තව දුරටත් අඩු කළ යුතු යැයි පෙන්වා දෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.

මේ අතර ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ නව විදුලිබල කෙටුම්පත සමස්තයක් ලෙස ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට නිගමනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයාට දැනුම් දී තිබේ. එහි ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත විය යුතු බවත්, එක් වගන්තියක් සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇතැයි ද කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. ඒ අනුව එම විදුලිබල පනත සංශෝධනවලට යටත් කිරීමෙන් පසු සම්මත කළ හැකි යැයි විදුලිබල අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

•  ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

Previous Post

පක්ෂ මාරුවකට සූදානම් මන්ත්‍රීරු 40ක් ?

Next Post

මොළේ පාවිච්චි නොකර මැච් දිනන්න පුළුවන්ද?

CMBNEWS

CMBNEWS

Next Post
අමෙරිකාවට ගිය සිංහ පැටවු ගෙදර එන්න බඩු පැක් කරයි!

මොළේ පාවිච්චි නොකර මැච් දිනන්න පුළුවන්ද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.