Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result
Colombo Tribune
No Result
View All Result
ADVERTISEMENT
Home පුවත්

මැතිවරණයක් එනතුරු අපි නොඉවසිල්ලෙන්!

CMBNEWS by CMBNEWS
January 7, 2024
in පුවත්
0
මැතිවරණයක් එනතුරු අපි නොඉවසිල්ලෙන්!
0
SHARES
47
VIEWS
Share on FacebookShare on Twitter

2023 වසර ගෙවී ගියේය. 2024 වසර ඉතා තීරණාත්මකය. ඒ ජනාධිපතිවරණය නියත වශයෙන්ම පැවැත්වීමට සිදුවන හෙයිනි. ඊට ජාතික ජනබලවේගය සූදානම කෙබඳුද? මේ ඒ ගැන විමසමින් ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික කේ.ඩී. ලාල්කාන්ත මහතා සමග කළ සාකච්ඡාවකි.

?සමහර මාධ්‍ය වාර්තා කරලා තිබුණෙ පක්ෂයෙන් ඔබේ කට වහලා කියලා?

පිළිතුර:- ඒක මාත් දන්නැති, පක්ෂයත් දන්නේ නැති දෙයක්. මාත් පක්ෂයත් ඕවා දකින්නේ පත්තරවලින්.

?නමුත් ඔබේ විවෘත භාවය පක්ෂයේ රහස්‍ය භාවයට තර්ජනයක් නොවෙයිද? ඒක තර්කයක්?

පිළිතුර:- තර්ක නම් ඉතින් ඕනෑ තරම් ගොඩනගන්න පුළුවන්නේ. නමුත් ප්‍රායෝගිකව ඔහොම දෙයක් වෙලත් නෑ. වෙන්න ඕනෑකමකුත් නෑ. ඔය කියන රහස්‍ය භාවයක් පක්ෂය ඇතුළෙත් නෑ. අපේ පක්ෂයේ දේවල්, පක්ෂයේ ප්‍රතිපත්ති, පක්ෂයේ තත්ත්වය එකිනෙකා තම තමන්ගේ ස්වරයෙන්, තමන්ගේ ස්වභාවයෙන් ප්‍රකාශ කරනවා. මෙතැන වැදගත් වෙන්නේ මම ප්‍රකාශ කරන දේවල්වල වැරැද්දක් තියෙනවද නැද්ද කියන එකයි. අපේ පාලනයක් යටතේ එම ප්‍රකාශ කරන ඒවා කෙරෙනවද නැද්ද කියන එකයි පමණයි.

?මාඕ සේතුං ප්‍රකාශ කළා. ‘ප්‍රතිපත්ති සභාවේ කතා කරන්න. උපක්‍රම කාමරයේ කතා කරන්න.’ කියලා. මම කිව්වොත් ඔබ ප්‍රතිපත්තිත්, උපක්‍රමත් දෙකම සභාවේ කතා කරනවා කියලා?

පිළිතුර- මම මාඕ වාදියෙක් නොවෙයි.

?නමුත් ඒ ප්‍රකාශයේ අර්ථය ඔබට ගැළපුවොත්?

පිළිතුර:- කවුරු මොනවා කියලා  තිබ්බත් මට වැඩක් නෑ. අපේ පක්ෂය ගැන සමාජයට වඩාත් පුළුල් අවබෝධයක් ලබාගන්න පුළුවන් දේවල් තමයි මම කියන්නේ.

?ඔබ කියලා තිබුණා ‘අපේ පක්ෂය අනික් පක්ෂවල වැරැදි කිය කියා යනවා අපේ පක්ෂයේ වැරැදිත් අපි කියන්න ඕනෑ’ කියලා. සමහරු නම් කියන්නේ ඔබ කිව්වේ අනුර කුමාර ඉලක්ක කරගෙන කියලයි?

පිළිතුර:- නෑ ඔබේ ප්‍රශ්නයම අදාළ නෑ. ඔහොම එකක් මම කියලත් නෑ.

?එහෙම නම් ඔබ මොකක්ද කිව්වේ?

පිළිතුර:- මම කියලා තියෙන්නේ මේ රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා. දේශපාලන හා සමාජ අර්බුදයක් තියෙනවා. සංස්කෘතික අර්බුදයක් තියෙනවා. කවුරුහරි ගේ ඇතුළට වෙලා බුදියගෙන හිටියත් එයත් මේකට වගකියන්න ඕනෑ කියලයි.

ඒ අනුව ගත්තම මේ අර්බුද පොකුරට අපිත් වගකිවයුතුයි. අපි වගකිවයුතුයි කියන්නේ, අපි ඒක වෙනස් කරන්න මැදිහත් වුණා. නමුත් අපට ඒක කරගන්න බැරිවුණ නිසයි ඒකයි මං කීවෙ.

?ඔබලා 75 වසරක ශාපයක් ගැන කතා කරනවා. ඔබලත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ඔවුන් සමග පරිවාසයකට ගියා. සන්ධාන ආණ්ඩුවේ ඇමැතිකම් දැරුවා. මහින්ද රාජපක්ෂ ජනාධිපති කරන්න මුළු වැර යොදා වැඩ කළා. සරත් ෆොන්සේකා එක්ක එක වේදිකාවේ හිටගත්තා. යහපාලනය සමග ඍජුවම වැඩ කළා. ඔබලා නැති 75 වසරක් රටේ තියෙනවද?

පිළිතුර:- ඉතින් කවුරුහරි කිව්වද අපි මේකෙන් ගැලවිලා ඉන්නවා කියලා. අපි කියන්නෙත් ඒකනේ. මේ රටේ මේ ඇතිවෙලා තියෙන තත්ත්වයට මේ රටේ ජීවත්වන හැම පුරවැසියෙක්ම වගකියන්න ඕනෑ. අපිත් වගකියන්න ඕනැ. එක එක්කෙනාගේ වගකීමේ විදිය ප්‍රමාණය තමයි වෙනස් වෙන්නේ. ඒකනේ මම කියලා තියෙන්නේ.

?නමුත් ඔබේ පක්ෂයේ අනිත් නායකයෝ එහෙම කියන්නේ නැහැනේ?

පිළිතුර:- එහෙම නම් ඔබ අහලා නැතිව ඇති. කෙනෙක් ගෙදරට වෙලා නිදාගෙන හිටියා නම් මේ අවුරුදු 75 පුරා එයාට කියන්න පුළුවන් ‘මම නම් ඕවා දන්නේ නෑ. මම ඕවට අත දාලත් නෑ’ කියලා. නමුත් එයා නිදාගෙන හිටපු නිසා එයා වගකියන්නත් ඕනෑ. මේක සමාජයක්නේ.

සමාජයේ ජීවත් වන කවුරුත් සමාජයේ ඇතිවෙලා තියෙන තත්ත්වයට වගකියන්න ඕනැ. ඉතින් ඒක තමයි මම කියලා තියෙන්නේ.

අපි 1965 ඉඳන් මේ රටේ දේශපාලනය කරන පක්ෂයක්. අපි විවිධ විදියට මැදිහත් වෙලා තියෙනවා. මේ රට මේ තත්ත්වයට කඩාගෙන වැටුණා. ඉතින් අපිටත් බැරිවුණා ජනතාවත් සම්බන්ධ කරගෙන රට හොඳ තත්ත්වයට ගන්න. ජනතාවටත් බැරිවුණා අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩේ කරන්න. දැන් අපිත් සම්බන්ධ වෙලා, ජනතාවත් සම්බන්ධ වෙලා ඒ වැඩේ කරමු. ඒක තමයි මූලික අදහස.

?මොනවද මේ දවස්වල පක්ෂය විශේෂයෙන් කරමින් ඉන්නේ?

පිළිතුර:- අපි පළාත් පාලන ඡන්දය එන වෙලාවේ එම මැතිවරණයට අනික් කාටත් වඩා හොඳින් සූදානම් වුණා. පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරමින් පුළුවන් තත්ත්වයට දියුණු මහජන ව්‍යාපාරයක් අපි ගොඩ නැඟුවා. ඉතින් එතැනින් පස්සේ මේ වෙනකොට එම මහජන ව්‍යාපාරය අපි තව තවත් පුළුල් කරලා තියෙනවා. ඒ පුළුල් වීමත් එක්ක මේ රටේ තියෙන ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට, පක්ෂයකට වඩා හරවත්ව සංවිධානාත්මකව ඕනෑම මැතිවරණයකට අපි සූදානම් පක්ෂයක්. මැතිවරණයක් එනතුරු නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.

?‘පළාත් පාලන මැතිවරණය නොදුන්නොත් බලාගෙනයි’ කියපු ඔබලාට දැන් ඡන්දයක් තියනකම් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න වෙලා?

පිළිතුර:- ඔව්. ඒක තමයි අපේ ක්‍රමය. ඒක තමයි දැන් අපේ විදිය.

සමහරු කල්පනා කරන්නේ අපි ඉතිහාසයේ ඒ කාලවල තිබුණ තත්ත්වයට අනුව ගත්ත ක්‍රියාමාර්ග මේ කාලයේ ගනියි කියලා. නමුත් අපි කියන්න ඕනැ ඒ කාලේ නොවෙයි, මේ කාලයේ කියලා. මේ කාලයේ අපේ විදිය අපේ ක්‍රියාමාර්ග අපේ උපක්‍රම ඔක්කොම වෙනස්. ඒ නිසා සමහරුන්ට හිතාගන්න බෑ. ඒකයි වෙලා තියෙන්නේ. අපි ජනතාව මැනවින් සංවිධානය කරලා මැතිවරණයක් සඳහා සූදානමින් ඉන්නවා.

?ඔය මොන සූදානමින් හිටියත් ඔබලා කියන ධනපති පංතියේ ගැටවලට මාලිමාව අහුවෙලාද?

පිළිතුර:- ධනපති පංතියට ගහන්න ගැට නැතිව ඉන්නේ දැන්. තියෙන ගැට ඔක්කොම ගහලා ඉවරයි. දැන් මේ දිනවල කතා කරනවා අර සුපුරුදු සන්ධාන කතා. ඩලස් අලහප්පෙරුමගේ නිදහස සභාවේ කට්ටියක් අපිත් එක්ක ගියා කියනවා. ඒගොල්ලෝ කලින් කිය කියා හිටියේ අපිත් එක්ක එන්න ලෑස්තියි කියලා. දැන් සජිත්ගෙන් බාගයක් රනිල් ළඟට යනවා කියලා කතාවක් තියෙනවා. රනිල් කියනවා එයා ඡන්දෙට ඉල්ලනවා කියලා. සමහරු කියනවා රනිල් ඉල්ලන්නේ නෑ කියලා. රනිල් කියනවා මම එහෙම කිව්වේ නෑ කියලා.

විවිධ නම්ගම් යෝජනා වෙනවා. ඉතින් ධනපති පංතියට මොන ගැටද? ගහගන්න ගැටයක් නැතිව ඒගොල්ලේ අනාථවෙලා කරකියා ගන්න දෙයක් නැති තත්ත්වයට පත්වෙලා තියෙනවා.

අපි ජාතික ජනබලවේගය කියන පුළුල් මහජන ව්‍යාපාරය වටා පළාත් පාලන ඡන්ද ව්‍යාපාරෙදි එකතු වුණේ නැති අයත් එකතු කරගෙන 2024 අවුරුද්දේ අනිවාර්යයෙන්ම තියන ජනාධිපතිවරණයට සූදානමින් ඉන්නවා. ඊට කලින් මහ මැතිවරණය තියනවා නම් ඒකට අපට ප්‍රශ්නයක් නෑ. ජනාධිපතිවරණයට සූදානම් වෙලා ඉන්න අපට පාර්ලිමේන්තු ඡන්දය ගැන කතා කරන්නවත් දෙයක් නෑ.

?සමහරු කියනවා ඔබේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර අන්තිම මොහොතේ අයින් වෙලා වෙන කෙනෙක් දායි කියලා?

පිළිතුර:- අපි බොහොම කාලයකට කලින් වෙන අයට ආතක් පාතක් නැතිව ඉන්න අවදියෙදීම ජාතික ජනබලවේගය හැටියට ඉතාම නිශ්චිතවම ශක්තිමත්ව අපේ අපේක්ෂකයා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා කියලා ප්‍රකාශ කළා. ප්‍රකාශ කළා පමණක් නොවෙයි ඒ අනුව අපි වැඩ කළා. ඒ වැඩ කිරීම අනුව අපේ විදේශගත ශ්‍රී ලාංකිකයොත් මේ රටේ ඉන්න පොදු ජනතාවත් අනුර කුමාර සහෝදරයව ජනාධිපති කිරීම වෙනුවෙන් තමන්ගේ සියලු කටයුතු මැනවින් කරමින් ඉන්නවා.

?නමුත් ජනාධිපතිවරණයට හරිණි අමරසූරිය එනවා කිව්වම අනුර  යට ගිහින් හරිණි උඩ ආවා කියලා ඔබට දැනෙන්නේ නැද්ද?

පිළිතුර:- හරිණි සහෝදරිය කියලා තිබුණා ‘ජනාධිපති අපේක්ෂකත්වය සඳහා අනුර සහෝදරයව ඒකමතිකව තෝරාගත්තා. මගේ සම්පූර්ණ කැමැත්තත්, සහයෝගයත් අනුර සහෝදරයට කියලා. දැන් ඉතින් බාහිර අයට නිකම් කන්කෙඳිරි ගගා ඉන්නයි තියෙන්නේ.

?ලංකාවේ විපක්ෂය අවුල්වෙලා තියෙනවා. ඒ විපක්ෂය වෙන වෙනම ඡන්දෙ කරනකොට කැඩෙන්නේ ආණ්ඩු විරෝධී ඡන්දම නේද?

පිළිතුර:- ජාතික ජනබලවේගය කියන්නෙම  ‘තනිය’ අවසන් කරපු දේශපාලන ව්‍යාපාරයක්.’ ජනතා විමුක්ති පෙරමුණ කිව්වොත් නම් තනියි. ජාතික ජනබලවේගය කියලා කියනකොටම ඒක තනි නෑ. ඒකට තව තව අයටත් එකතු වෙන්නත් පුළුවන්. ඒක පුළුල් මහජන ව්‍යාපාරයක්.

ඒ මහජන ව්‍යාපාරයට එකතු කරගන්නවා මේ රටේ මහජනතාවගේ විශ්වාසය ශක්තිමත් කරන්න පුළුවන් අය. මෙතෙක් කාලයක් එක එක දේශපාලන පක්ෂවලට කඩේ ගිහිල්ලා, හොරකම් කරලා, වංචා දූෂණවලට අහුවෙලා, ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච විවිධ කණ්ඩායම් ජාතික ජනබලවේගයට එකතු කරගන්නේ නෑ. එකතු කරගත්තොත් ජනතාව මේ ඇතිකරගෙන තියෙන විශ්වාසය මුළුමනින්ම පලුදු වෙනවා.

ඒ විශ්වාසය පලුදු කරන්න ඕනෑ අය හිතනවා ජාතික ජනබලවේගයට වැඩේ දෙන්න තියෙන හොඳම එක තමයි ඒ කිරි කළයට ගොම ටික ටික එකතු කරන එක කියලා. ඒකෙන් ඔවුන් බලාපොරොත්තු වෙනවා ජාතික ජනබලවේගයෙ ජයග්‍රහණය බිඳවට්ටන්න. නමුත් දැන් වෙනකොට ජාතික ජනබලවේගය කියන්නේ කතා කරන මටවත් ජනතා විමුක්ති පෙරමුණවත් නොවෙයි. ඒක මේ රටේ පොදුජනයාගේ ව්‍යාපාරය. ඒ පොදු ජනයාගේ විශ්වාසය තහවුරු වන විදියට කටයුතු කරනවා විනා කිසි කෙනෙකුට අයිතියක් නෑ ඒ විශ්වාසයන් බිඳ වැටෙන ආකාරයට කටයුතු කරන්න.

ඒ නිසා පොහොට්ටුවෙන් එළියට බැහැපු අය, යූඑන්පියෙන් සජබෙට ගිය අය, සජබෙන් යූඑන්පියට ගිය අය ඔය කීප කීප දෙනා එකතු වෙලා සන්ධාන හදාගත්ත අය ජාතික ජනබලවේගයට සම්බන්ධ කරගන්න ජාතික ජනබලවේගය කිසිසේත්ම තීරණයක් ගන්නේ නෑ.

?ජාතික ජනබලවේගය ඇතුළේ ජවිපෙ සාමාජිකයාට තැනක් නෑ. අලුතෙන් ආපු අය තමයි රඟන්නේ කියලා කියනවා?

පිළිතුර:- චිත්‍රපටයෙ රඟපාන්නේ එක එක නළුවෝ වුණාට ඒකේ  අධ්‍යක්ෂවරයා, නිෂ්පාදකයා, කැමරා ශිල්පීන්, සංගීත ශිල්පීන් විශාල පිරිසක් ඉන්නවා. ඒ අය හරහා තමයි චිත්‍රපටය සාර්ථක වෙන්නේ. ඒ නිසා රඟපෑමේ දක්ෂතාව මත මතුවෙන්න ඒ පිටිපස්සේ  ඉන්න අයට දැවැන්ත සතුටක් මිසක් කනගාටුවක් නොවෙයි.

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් විදියට ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරනවා.

?ඔබ එහෙම  කිව්වත් මම කියපු විදියේ ගැටුමක් පක්ෂ අභ්‍යන්තරයේ දරුණුවට තියෙනවා?

පිළිතුර:- ධනපති පංතිය වෙනුවෙන් ප්‍රවෘත්ති නිෂ්පාදනය  කෙරෙනවා. එක කාලයක් කිව්වා ‘ලාල් සහ අනුර අතර ගැටුම් කියලා. දැන් කල්පනා කරනවා ඊට වඩා හොඳයි කියලා ‘අනුරයි හරිනියි අතර ගැටුම්’ කියලා දැම්මොත් හොඳයි කියලා. ජාතික ජනබලවේගයයි ජවිපෙ එකයි අතර ගැටුම් කියලත් දානවා. ජේවීපී එකේ කාඩර් එක සහ ජාතික ජනබලවේගය හැටියට මතුවෙච්ච අය අතර ගැටුම් කියනවා. මේවා මේ විහිළු සහ මේ දේවල් පරණ උපක්‍රම. මේවා දැන් වලංගු නෑ.

දැන් ලංකාවේ ඉන්නේ පරණ දේශපාලනය අවසන් කරපු නවීන දේශපාලනයත් සමග සම්බන්ධ දියුණු ජනතාවක්. අවබෝධයක් සහිත ජනතාවක්. ඉතින් ඒ ජනතාවට ඔය පරණ නාටක හරියන්නේ නෑ. අලුත් නාටක හොයාගන්න වෙයි. ඒ නාටක එනකොට ඒ නාටක පිළිබඳවත් ජනතාවට අවබෝධයක් හදන්න ජාතික ජනබලවේගයට පුළුවන්.

?ජාතික ජනබලවේගය ආණ්ඩුවක් ගත්ත කියලා හිතමු. කෝ ඔබලාට ජාත්‍යන්තර සබඳතා?

පිළිතුර:- ඔව්. ඉතින් ඔහොම අහන්න ඕනෑනේ. සතුරු බලවේග ජනතාවට මොනවා හරි  කියන්න ඕනැ. එකක් කියලා වලංගු නොවන කොට තව එකක් කියන්න ඕනැ. ඒකත් වලංගු නොවන කොට තවත් මොනවා හරි කියන්න ඕනැ. ජාතික ජනබලවේගය එක්ක දැනටමත් ලෝකය පුරා තිබෙන තානාපති කාර්යාලවල කටයුතු කරමින් ඉන්නවා. අපිත් එම තානාපති කාර්යාල එක්ක ඉතාම ළඟින් කටයුතු කරමින් ඉන්නවා.

ලෝකයේ ඕනෑම රටක අලුත් පාලනයක් ඇති වුණාම අනික්  රටවල් ඒ රට සමග සබඳතා ගොඩනගා ගන්නවා. අනිත් එක අද ලෝකයේ තියෙනවා බල කඳවුරු ගොඩක්. එක යුගයක් තිබුණා සමාජවාදී කඳවුරය, ධනවාදී කඳවුරයි කියලා. දැන් ඒවා ඉවරයි. දැන් ඕනෑ තරම් බලකඳවුරු තියෙනවා අලුතෙන් පිහිටුවන ආණ්ඩුවක් සමග සම්බන්ධතා ගොඩනගා ගන්න. යල් පැනගිය ඔළුවලට ජනතාවට කියන්න දෙයක් නැතිවෙනකොට ඔය වගේ කතා කියනවා.

?ආණ්ඩුවක් පිහිටෙව්වොත් මොන කඳවුරද තෝරා ගන්නේ කියලා. ඇයි දැන්ම නොකියන්නේ?

පිළිතුර:- අපිත් එක්ක කටයුතු කරන්න හැමෝම කැමැතියි. ඉතින් අපි ඒ හැමෝම එක්ක කටයුතු කරනවා. අපි චීනෙත් එක්ක කටයුතු කරනවා. ළඟම තියෙන ඉන්දියාවත් එක්ක සමීපව කටයුතු කරනවා. ඇමෙරිකාව, රුසියාව එක්ක වගේම යුරෝපය එක්කත් කටයුතු කරනවා. ඒගොල්ලන්ට අපිවත් ඕනෑ.

?ඔබලාවද ඕනෑ රටද ඕනෑ?

පිළිතුර:- මේ රට ඕනෑ. මේ භූමිය ඕනෑ. ලංකාවේ පිහිටීම අනුව මේ භූමිය ඉතා වැදගත්. ඒ වැදගත්කම නිසාම බලයට එන කාට වුණත් විදෙස් සබඳතා මැනවින් ගොඩනගන්න පුළුවන්.

?ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ගැන එහෙම ඔබලාගේ ස්ථාවරය?

පිළිතුර:- අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරනවා. අපි රටක් විදියට අරගෙන තියෙන ණය ගෙවන වෙනත් ආකාරයයේ පැකේජ් එකක් ගැන ඒගොල්ලොත් එක්ක කතා කරනවා.

රනිල් වික්‍රමසිංහගේ සහ සජබෙ ආර්ථික මොඩල් එක නොවෙයි, අපේ මොඩල් එක. අයි.එම්.එෆ්. එකට ඕනෑ කරන්නේ අපට ණය ගෙවන්න පුළුවන් වෙන එකනේ. ඒ වගේ ඒ අයට අවශ්‍ය.

දැනට ඉදිරිපත් කරලා තියෙන ක්‍රමය වෙනුවට වෙනත් ක්‍රමයක් අපි ඒගොල්ලොත් එක්ක කතාබහ කරනවා. ඒගොල්ලෝ එක්ක විතරක් නොවෙයි ලෝකයේ තව රටවල් එක්කත් කතා කරනවා. ඒ අනුව නව ක්‍රමවේදයකට අනුව ඔය කා එක්කත් කටයුතු කරන්න අපි ලෑස්තියි.

මේ තියෙන්නේ 1990 ට කලින් ලෝකය නොවෙයිනේ. අලුත් ලෝකයක්. ඒ අලුත් ලෝකය තුළ අපි අලුත් විදියට කටයුතු කරන්න සූදානම්.

 

 

    සාකච්ඡා කළේ
■ ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

Previous Post

රුපියල් බිලියන 767ක බදු වතුරේ ගිහින්!

Next Post

ජනපති වෙන්න ලොකු පොරයක්!

CMBNEWS

CMBNEWS

Next Post
ජනපති වෙන්න ලොකු පොරයක්!

ජනපති වෙන්න ලොකු පොරයක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.