කවුඩාගල හදනවාට විරුද්ධව ෆේස්බුක් නිරාගමිකයින් මහා සංග්‍රාමයක් දියත් කරමින් සිංහල බෞද්ධයින්ට මෙන්ම සම්බුද්ධ සාසනයටත් පහර ගසමින් කවි කතන්දර හෑලි කෙතරම් ලීවත් මේ මහපොළවේ යතාර්ථය කුමක්ද යන්න පසක් කරමින් සිංහල බෞද්ධයින් විසින් අගනා පාඩමක් උගන්වා ඇත.
සිංහල බෞද්ධයින් විසින් මේ පාඩම 2019 වසරේ නොවැම්බර් 16 වනදාත් සියලු දෙනාට දැනෙන්නට ඉගැන්වුවත් ඉන් පාඩමක් කිසිවෙකු උගත්තේ නැත කොටින්ම ජාතිකවාදී ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින බවට ප්‍රතිකඥ දෙමින් ජනාධිපතිවූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාටද ඒ මාවතේ යන්නට සහ ඔහුට ශක්තිය දුන් සිංහල බෞද්ධයා වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නට නොහැකි වුයේ ඇයිද යන්න විශ්ලේෂණාත්මකව සොයා බැලිය යුතු මාතෘකාවකි.
කෙසේ නමුත් එදා ජාතිකවාදී කදවුර ජයග්‍රහණය කලත් ඒ හරහා රටට හෝ ජනතාවට අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීම නිසා සිංහල බෞද්ධයාට වින කටින්නට බලා සිටින රැඩිකල් නිරාගමිකයින් කියා ගන්නා පිරිස සහ චීවරය වටපත දකිනා විට ඇඟ නලියන කල්ලතෝනි ගැන්සිය දැන් සිය බෞද්ධ විරෝධී සැඟවුණු න්‍යායපත්‍ර එලි පිටම ක්‍රියාත්මක කරමින් සිටී. නමුත් අවාසනාවකට සිංහල බෞද්ධයා වෙනුවෙන් හඩක් නගන්නට ජාතිකවාදී නායකයකු පෙනෙන මානයේ නැත.
බහුතරයක් දෙනා ජාතිකවාදී කඳවුර නියෝජනය කරනවා වෙනුවට එක්කෝ ජාතිවාදය අවුස්සමින් දේශපාලන වාසි ලබන්නට තැත් කරමින් සිටින අතර තවත් සමහරුන් සුළු ජාතික චන්ද මත යැපෙමින් සිංහල බෞද්ධයාට පහර ගසමින් සිටී. රටේ ව්‍යවස්ථාවෙන් සිංහල ජාතිය සහ බෞද්ධ ආගම රක ගන්නට ප්‍රතින්ඥ දුන්නද සිය චන්ද ගොඩ වෙනුවෙන් ජාතිකවාදී නොවන කඳවුර වෙනුවෙන් පෙනී සිටිමින් ඇත.
සිටින ජනාධිපතිවරු සහ වෙන්න සිහින මවන ජනාධිපතිවරු පිළිබඳව සලකා බලන විට ඔවුන් සියලු දෙනාම පාහේ ජාතිවාදී නායකත්වයක් වෙනුවෙන් කැප වනවා වෙනුවට ජතිවවාදී නොවන කඳවුරේ පදයට නටන රුකඩ පාලකයින් බවට ඔප්පු කොට හමාරය. එයට මුලිකම හේතුව නම් ඔවුන් බලන්නේ ඊළඟ මැතිවරණයේ තමන්ට ලැබෙන සුළු ජාතික චන්ද ගොඩ වැඩි කර ගැනීමටය. අවාසනාවකට ඔවුන්ට අමතක කාරනාව නම් පසුගිය 2019 ජනාධිපතිවරණයේදී සුළු ජාතික පක්ෂ වල සහයෝගය නොමැතිව පවා ජනාධිපතිවරයකු බහුතර චන්දයෙන් තේරී පත්වූ බවයි.
කරුණු කාරනා එසේ වෙද්දී 2024 ජනාධිපතිවරණය සඳහාද කටයුතු සුදානම් වෙමින් ඇත. සිංහල බෞද්ධ අනන්යත්වය මෙන්ම සංස්කෘතිය රැකගනිමින් අපේ මීළඟ පරපුරට යහපත් රටක් සහ සතුටින් සිටින ජනතාවක් නිර්මාණය කිරීමේ වගකීම අප සියලුදෙනාගේ උර මත පැටවී ඇත. එය නිසි ලෙස ඉටු නොකළ හොත් රටට සහ ජනතාවට අත්වන ඉරණම සෝචනීය වනු නිසැකය.
එබැවින් හොඳින් සිතා බලා “ජාතිකවාදී” ප්‍රතිපත්ති දරමින් රට ගොඩනගන්නට කැපවන නායකයකුට මිස ජාතිකවාදී කඳවුරට විරුද්ධ පිලේ සිට ගනිමින් සිංහල බෞද්ධයා තුට්ටු දෙකට මායිම් නොකරන නායකයින්ට අවස්තාව ලබා නොදෙන්නට සබුද්ධිමත් ජනතාව කැපවිය යුතුමය.