මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන බලධාරීන්ගේ ඉහලම නිලධාරීයා විසින් පසුගිය (23) දිගන ප්‍රදේශයේ අවුරුදු උත්සවයක් සංවිධානය කරන ලද්දේ විදුහල්පතිවරුන්ගෙන් මුදල් එකතු කරමින්ය.
අදාළ නිලධාරීයා අවුරුදු උත්සවය අවසානයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන නියෝජිත පිරිසක් සහ හිටපු නගරාදිපතිවරයක් සමග ජයටම මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහිදී වත්මන් ආණ්ඩුව හා ජනාධිපතිවරයා දැඩිව විවේචනය කළ ඔහු ජනාධිපතිවරයාට බැණ ඇති බව මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන කාර්යාල ආරංචි මාර්ග පවසයි.
මෙම විනය විරෝධී ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් සමස්ත අධාපන ක්ෂේත්‍රය තුළම දැඩි අප්‍රසාදයක් පලවන අතර මෙවන් නිලධාරීන්ට කඩිනමින් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවට ජනතාව බලාපොරොත්තු වන අතර මෙම සාදය සම්බන්ධයෙන් වූ ඡායාරූප සහ වීඩියෝ දර්ශන අප සතුව පවතින අතර ඉදිරියේදී ඒවා මාධ්‍ය වෙත ලබාදීමට කටයුතු කරනා බවද සිහිපත් කරමු.
උපුටා ගැනීම lankahotnews