දූෂණ විරෝධී ජවිපෙ ගහපු ගැහිල්ල මෙන්
දූෂණ විරෝධීන් ලෙස පෙනී සිටිනා ජාතික ජන බලවේග පක්ෂ නායකයන්ගේ අතීතය සහ සැබෑ අභිලාෂ, සමාජ ජාලා ක්‍රියාකාරිකයන් විසින් ප්‍රශ්න කරයි.
ඔවුන් විසින් පෙන්වා දී තිබුණේ තමන් වෙනස් යැයි පුන පුනා මතුරන ජාතික ජන බලවේග නායකයන්ගේ අතීතය ද දූෂිත ගනුදෙනු වලින් සහ භාවිතාවන්ගෙන් පිරී ඇති බවයි.
ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංගට බලයට පැමිණීමට උපකාර කිරීම සඳහා කෘතගුණ සැලකීමක් වශයෙන්, ජනපතිනිය විසින් ජනතා විමුක්ති පෙරමුණට 2004 වසරේදී ගුවන් විදුලි අවසර බලපත්‍රයක් ලබා දුන්නාය.
පක්ෂයක් ලෙස මෙලෙස අල්ලස් ලබා ගැනීම වැරදි වූවත්, එම ගණුදෙනුව පසුපස සැඟවුණු එකම දූෂිත ක්‍රියාව එය නොවේ.
පක්ෂයෙහි මධ්‍යම කාරක සභික අනුර කුමාර දිසානායක විසින්, පක්ෂයටද නොදන්වා මෙම ගුවන්විදුලි බලපත්‍රය දුමින්ද මයාදුන්නේට විකුණා දමා තිබුණි. ඒ රුපියල් මිලියන දෙකකට ය.
එය මෙම ගුවන් විදුලි බලපත්‍රයට කිසිසේත්ම ප්‍රමාණවත් මිලක් නොවූ අතර, ගණුදෙනුවට දඹුල්ලේ පිහිටි සන්නිවේදන කුළුණක් ද අයත් විය.
මෙම කුළුණ බදු දීමෙන් මාසිකව පක්ෂය ලැබූ ආදායමම රුපියල් මිලියන 1.5ක් විය.
ඒ අනුරගේ අතීත ගැහිලි ය.
2004 වසරේ අවාසනාවන්ත සුනාමි ඛේදවාචකයෙන් පසුව රට පුරා නිවාස ඉදිකිරීමට ජවිපෙ රතු තරුව ස්වේච්ඡා සංවිධානයට විදෙස් සංවිධාන වලින් ඩොලර් මිලියන ගණනක ආධාර හිමිවිය.
නමුත් ජනතා විමුක්ති පෙරමුණ එම මුදල් යොදාගත්තේ බත්තරමුල්ල, පැලවත්තේ විශාල පක්ෂ කාර්යාලයක් ඉදිකිරීමටයි.
එමෙන්ම එම මුදලින් දිස්ත්‍රික් කාර්යාල ද ඉදිකළ අතර සුනාමි සමයේ ඉදිකළ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය ඊට උදාහරණයකි.
තවද එම ආධාර මුදල් වලින් පක්ෂ නායකයන්ගේ නිවෙස් ද ඉදිකළ අතර අනුර කුමාර දිසානායකගේ නිවස කිරිල්ලවල ද, සෝමවංශ අමරසිංහ ගේ නිවස කෝට්ටේ නගරයේද ඉදිකළහ. කෝට්ටේ ඉදි කළ සෝමවංශ අමරසිංහ ගේ නිවස සඳහා ඉඩම මිලට ගත්තේ ප්‍රසිද්ධ මලල ක්‍රීඩක සුගත් තිලකරත්නගෙනි.
ජවිපෙ සුනාමි ව්‍යසනයෙන් ගසා කෑවේ එසේය.
2010 සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණය උදෙසා ජනතා විමුක්ති පෙරමුණට බිලියන ගණනින් ආධාර මුදල් හිමි වූ අතර, ඔවුන් ඒ මුදල් කළු කඩ වෙළඳපොළෙහි ආයෝජනය කළහ.
මේ බව සරත් ෆොන්සේකා ද පිළිගත්තේය.
වත්මන් රජයේ ද අමාත්‍ය ධුරයක් දරන පුද්ගලයකුට ඔවුන් රුපියල් මිලියන 800 ක් පොලියට ලබා දුන් අතර, තවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක්ට එලෙස මුදල් පොලියට ලබා දීමට කටයුතු කළේය.
2004 පාර්ලිමේන්තුවට පැමිණි ජවිපෙ මන්ත්‍රීවරු සිව් දෙනාම පාර්ලිමේන්තු වරප්‍රසාද වලට අනුව සිය දරුවන් කොළඹ ජනප්‍රිය පාසල් වලට ඇතුළත් කිරීමට කටයුතු කළේය.
බිමල් රත්නායකගේ දියණිය දේවි බාලිකා විද්‍යාලයටත්, නන්දන ගුණතිලකගේ පුත්‍රයා කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයටත්, ලාල්කාන්තගේ දියණිය සිරිමාවෝ බාලිකා විද්‍යාලයටත් ඇතුලත් කිරීමට ඔවුන් කටයුතු කළෝය.
අද දූෂණ විරෝධීන් ලෙස කටයුතු කරන්නේ එදා අවස්ථාව ලැබූ සෑම මොහොතකම උපරිම වශයෙන් ගසා කෑ මෙම පුද්ගලයන් වීම හාස්‍යයට කරුණකි.