ජාතික ජනබලවේගයේ මැරයන් ගලේවෙලදී ඇවුරුදු අසූවක පුද්ගලයකුට පහර දෙයි. ගලේවෙල රෝහලේ දොස්තර රත්නායකගෙන් තර්ජන?
ජාතික ජනබලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන සිසිර හා වසන්ත යන දෙදෙනා විසින් ආනන්ද බන්ඩා නම්වූ අසූ හැවිරිදි පුද්ගලයකුට අමානුෂික ලෙස පහර දී ඇත.
මෙසේ පහර කෑමට ලක්වූ අසූ හැවිරිදි පුද්ගලයා මේ වනවිටත් ගලේවෙල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මේ පිලිබදව විමර්ශන ගලේවෙල පොලිසිය මගින් සිදුකරනු ලබන අතර ප්‍රතිකාර ලබන පුද්ගලයාව රෝහලෙන් පිටත්කර යැවීමට ගලේවෙල රෝහලේ වෛද්‍යවරයකු වන රත්නායක නැමැත්තා දැඩි උත්සාහ දරන බව රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.තවද මෙම රත්නායක නම් වෛද්‍යවරයා ජාතික ජනබලවේගයේ ගලේවෙල සංවිධායක ලෙසද කටයුතු කරනු ලබයි