ජපාන පාර්ලිමේන්තුව, විදෙස් ශ්‍රමිකයන්ගේ කුසලතා වර්ධනය ඉලක්ක කරගත්, තාක්ෂණික සීමාවාසික පුහුණු ප්‍රතිස්ථාපන පනතක් සම්මත කරයි.
විදෙස් ශ්‍රමිකයින් සඳහා ජපානයේ ස්ථිර පදිංචිය පිරිනැමීමට අදාළ කරුණුද ඊට ඇතුළත්ය.
පනත ජූනි 14 වනදා එරට පාර්ලිමේන්තුවේ වැඩි චන්දයෙන් සම්මත විය.
නව පනත මගින් සංක්‍රමණ පාලන සහ සරණාගතයින් හඳුනාගැනීමේ, පෙර පැවති මූලික කරුණු ද, සංශෝධනය කර තිබේ.
තෙවසරක් ඇතුළත, නිශ්චිත පුහුණු-සේවකයකු ලෙස ජපානය තුළ රැකියා කිරීමට, විදෙස් සීමාවාසිකයින් පුහුණු කිරීම, නව වැඩසටහනේ මුඛ්‍ය අරමුණයි.
හෙද සත්කාර, ඉදිකිරීම් සහ කෘෂිකර්මාන්තය වැනි ශ්‍රම ඌනතා පවතින ක්ෂේත්‍ර රැසක් සඳහා මේ යටතේ, විදෙස් ශ්‍රමිකයින් පුහුණු කෙරේ.
ඒ අනුව, කොන්දේසීන්ට යටත්ව, එකම ක්ෂේත්‍රයේ සේවා යෝජකයන් මාරු කිරීමට ද විදෙස් ශ්‍රමිකයින්ට අවසර ලැබේ.
දැනට පවතින නීති ප්‍රකාරව, ජපානයේ රැකියාවන්හි නියුතු විදෙස් ශ්‍රමිකයින්ට, සේවා යෝජකයන් වෙනස් කිරීමට අවසර නොමැත.