මෙරට තවදුරටත් උද්ධමනය පහළ ගොස් ඇති බවට ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2023 ජූලි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය අද (අගෝ. 21) ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව, 2023 ජූනි මාසයේ 10.8 % ක් ලෙස වාර්තා වූ උද්ධමනය ජූලි මාසයේ 4.6%ක් දක්වා පහත වැටී ඇත.
2023 ජූනි මාසයේ 2.5 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2023 ජූලි මාසය සඳහා -2.5 %ක් දක්වා පහත වැටී ඇත.
තව ද, ජූනි මාසයේ 18.3%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ද ජූලි මාසයේ 10.9%ක් ලෙස සැලකිය යුතු අගයකින් පහත වැටී ඇති බවට එම නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.