තමන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙද්දී ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ නමින් අධ්‍යාපන පංතියක් නොතිබූ බව ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
තමන් 1988 ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූ බවත් එවිට ක්‍රියාත්මක වූ පන්ති අතර මෙම අධ්‍යාපන පංතියක් පැවැත්වුණේ නැතැයි ද ඔහු පැවසීය.
තමන් පක්ෂය ඇතුලේ ඉගෙන ගනු ලැබූ පන්ති වන්නේ ආර්ථික අර්බුදය, බොල්ෂෙවික් ව්‍යාපාරය, ජාතික ගැටලුව, සමාජවාදී ජාත්‍යන්තර අත්දැකීම් හා පක්ෂ ඉතිහාසය යන පන්ති පහ බවත් හෙතෙම සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ සිරස රූපවාහිනිය සමඟ පැවති සාකච්ඡාවකදීය.