2023 නොවැම්බර් මාසය තුළ දී විදෙස් සේවා නියුක්තිකයින් විසින් ශ්‍රී ලංකාවට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 537.3 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
2023 වසරේ දී ඩොලර් මිලියන 500 ක් ඉක්මවා විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ලද සිව්වැනි මාසය මෙය වේ. මීට පෙර 2023 මාර්තු (රු. මිලියන 568.3), ජූලි (රු. මි. 541) සහ ඔක්තෝබර් (රු. මිලියන 517.4) මාසවල දී ඩොලර් මිලියන 500 ඉක්මවා විදෙස් ප්‍රේෂණ ගලාඒම් වාර්තා වී තිබුණි.
මේ සමඟම 2023 වසරේ මුල් මාස 11 තුළ දී ශ්‍රී ලංකාව ලද සමස්ත විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,399.90 ක් ලෙසින් සටහන්ව තිබේ.
ආසන්නතම වර්ෂ සැලකීමේ දී පසුගිය 2022 වසරේ දී ශ්‍රී ලංකාව ලද විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 3,789.5 ක් ලෙසින් වාර්තා වන අතර 2021 වසරේ දී එය ඩොලර් මිලියන 5,491.5 ක් ලෙසින් සඳහන් වේ.
2020 වසරේ දී මෙම අගය ඩොලර් මිලියන 7,103.9 ක් ලෙස දැක්වෙන අතර 2019 වර්ෂයේ දී ශ්‍රී ලංකාව ලද සමස්ත විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 6,717.2 කි
හොදයි