Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

බිත්තර මිල නැග්ගීම කුමන්ත්‍රණයක්!

CMBNEWS by CMBNEWS
February 18, 2024
in පුවත්
0
බිත්තර මිල නැග්ගීම කුමන්ත්‍රණයක්!
0
SHARES
19
VIEWS
Share on FacebookShare on Twitter

බිත්තර බෙදාහැරීමේ වියදම් සහ එම වෙළෙඳපොළට බලපාන වියදම් රැසක් හේතුවෙන් නැවතත් බිත්තර මිල ඉහළ නැංවීමට සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය තීරණය කර ඇත.

”මෙලෙසින් බිත්තර මිල ඉහළ යාමට හේතු කිහිපයක්ම බලපෑවා. මීට අවුරුදු ගාණකට පෙර සිටම අපි කොමිස් මුදල ලෙසින් රුපියල් දෙකක් කියල තිබුණා. ඒ වෙද්දි බිත්තරයක මිල රුපියල් දොළහයි. ඒ වගේම ඩීසල් ලීටරයක් රුපියල් එකසිය හතරයි. මගේ මතකයේ හැටියට ඒ කාලේ හාල් කිලෝවක් රුපියල් අනූ හයයි. නමුත් අද වන විට මේ සියලුම දෑ ඉතා ඉහළ මිලකට ජනතාවට මිලදී ගැනීමට සිදුව පවතිනවා. බිත්තර වෙළෙඳපොළට ප්‍රවාහනය කරනු ලබන්නේ වාහනවලින්. එදා ලොරියක රුපියල් විසිදහසකට තිබුණු බැටරියක් අද වන විට රුපියල් හැටදහසක් වෙලා තියෙනවා. එදා රුපියල් විසිපන්දහසකට තිබුණු ටයරයක් අද වන විට රුපියල් හතළිස් පන්දහසක් සහ පනස්දහසක් වෙලා තියෙනවා. ඒ නිසා තවදුරටත් රුපියල් දෙකේ කොමිස් මුදලට බිත්තර ප්‍රවාහනය කරන්න අමාරුයි.”

බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් බුද්ධික වීරසේන මහතා දේශයට එසේ අදහස් දක්වමින් පැවසීය.

ලංකාවේ බිත්තර වැඩි වශයෙන් නිෂ්පාදනය සිදුවන්නේ වයඹ පළා‌තේය. වෙළෙඳ සංගමය පවසන පරිදි ගාල්ල දිස්ත්‍රික්කයේ ජීවත් වන වෙළෙඳුන්ට ඍජුවම වයඹ දිස්ත්‍රික්කයේ බිත්තර මිලදී ගැනීමට නොහැකිය. එහිදී ප්‍රවාහන වියදම ඉතා ඉහළ වේ. මේ නිසාම බිත්තර නිෂ්පාදකයන්ගෙන් බිත්තර මිලදී ගෙන එය ගාල්ල දිස්ත්‍රික්කයට ප්‍රවාහනය කිරීමට සිදුවේ. ඒ කාර්යය කිරීම සඳහා යම්කිසි පැවැත්මක් අවශ්‍ය වේ. ඒ අනුව මෙතෙක් පැවැති රුපියල් දෙකේ කොමිස් මුදල රුපියල් 3-4 ක මිලක් දක්වා ඉහළ නංවා තිබේ.

”මේ වන විට බිත්තරයක් රුපියල් පනස් හතරයි පනස් පහයි අතර මිලක් වෙනවා. ඒ බිත්තරයක් වෙළෙඳපොළට අපි පනස් අටකට ලබා දෙනවා. බොහෝ විට මේ බිත්තරයෙන් යැපෙන කාණ්ඩ කිහිපයක් ඉන්නවා. පළමු තැනැත්තා වන්නේ ගොවිපොළ හිමියාය. වයඹ සිට ලංකාව පුරා බෙදාහරින ලොරි රථ හිමියා දෙවැනියායි. ඒ ලොරි රථ හිමියා ගාල්ලට ගෙන ගොස් ඔවුන් තොග අලෙවි සලකට බිත්තර ලබා දෙනවා.” යැයි බුද්ධික වීරසේන මහතා පවසයි.

මෙය චක්‍රයක් වශයෙන් ක්‍රියාත්මකය. ප්‍රධාන තොග අලෙවිසලට ලබා දෙන බිත්තර තවත් තොග අලෙවිසල් හරහා සිල්ලර අලෙවිසල්වලට ලබා දෙයි. ඒ මගින් පාරිභෝගිකයා අතට බිත්තර ලැබෙයි. මේ අනුව බිත්තර වෙළෙඳාමෙන් පාර්ශ්ව හතරක් හෝ පහක් වක්‍රව හෝ ඍජුවම යැපෙති. මෙහිදී ලොරි රථ හිමියාට තම ප්‍රවාහනය වෙනුවෙන් එක් බිත්තරයකින් රුපියලක් හෝ රුපියල් එකයි පනහක් හිමිවන බව බිත්තර වෙළෙඳ සංගමය පවසයි. එහිදී තවත් සුළු ලාභයක් තබා ඔවුහු බිත්තර තොග වෙළෙන්ඳන්ට ලබා දෙති. මෙහිදී ලොරි රථ හිමියන්ට යම් අවදානමක් පවතී. එනම් ගොවිපොළෙන් ලබා දෙන බිත්තර පෙට්ටිවල කැඩී පොඩිවී යන ප්‍රශ්න කිහිපයකට මුහුණ දීමට සිදු වේ. තොග වෙළෙඳුන් චෝදනා කරන්නේ මෙම ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇත්තේ ලොරි රථ හිමියන්ට බවය. ඒ නිසාම එම පාඩුව දැරීමට සිදුවන්නේ ඔවුන්ටය. කිසිම දිනක එලෙස ලොරි රථ හිමියන්ට සිදුවන එවැනි පාඩු ගොවිපොළවලින් පියවන්නේ නැති බව බිත්තර වෙළෙඳ සංගමය පවසයි.

”තොග වෙළෙන්ඳන්ට අපි තොග වශයෙන් බිත්තර ලබා දෙන්නේ රුපියල් පනස් අටකට රුපියල් දෙකක් හෝ අඩුවෙන්. තොග වෙළෙඳුන් විකුණන මිල රුපියල් පනස් අට කියලයි අපි තීරණය කරල තියෙන්නෙ. ඒ අනුව ගම ඇතුළේ සිල්ලර වෙළෙඳාමේ නිරත වන වෙළෙන්ඳන් බිත්තරයකින් රුපියල් තුනක් හෝ හතරක් තබාගෙන බිත්තර අලෙවි කරනවා. ඒ අනුව මේ දිනවල බිත්තරයක සිල්ලර මිල රුපියල් හැට තුනක් හෝ හැට පහක් අතර තීරණය කරල තියෙන්නෙ. කොහොමත් අපි තොග මිල පමණක් තීරණය කළත් සිල්ලර මිල තීරණය කරල නැහැ. තොග මිල තීරණය කළත් අපි තොග වෙළෙඳුන්ට රුපියලක් හෝ අඩුවෙන් තමයි ලබා දෙන්නෙ. ලංකාවේ මිනිසුන්ට ලාභයට දෙන්න කියල රජය ඉන්දියාවෙන් රුපියල් තිස් පහකට බිත්තර ගෙන්නුවා. ඒ ඉන්දියාවෙන් එන සෑම බිත්තරයක්ම ග්‍රෑම් හතළිස් හතට වඩා අඩුයි. ඉන්දියාවේ බිත්තර පොඩියි. ලංකාවේ බිත්තරයක් සාමාන්‍යයෙන් ග්‍රෑම් හැටකට වඩා වැඩියි. ඉන්දියාවෙන් ගෙනෙන අධි ශීතකරණයේ තබා කල්ගත වූ මේ කුඩා බිත්තරයක් රුපියල් හතළිස් පහකට මිනිසුන්ට ගන්න පුළුවන් නම් ලංකාවේ නැවුම් ප්‍රමාණයෙන් වැඩි බිත්තරයක් රුපියල් හැටකට ගත්තට පාඩුවක් සිදුවෙනවද කියන එක ගැටලුවක්.” යැයි සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් බුද්ධික වීරසේන මහතා දේශයට පැවසීය.

බිත්තර මිල ඉහළ යාම සම්බන්ධයෙන් බිත්තර වෙළෙඳ සංගමය එලෙස පැවසුවද සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ මෙවන් අදහසකි.

”මේ විදිහට බිත්තර මිල ඉහළ දැම්මේ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය නෙවෙයි. ඒ මිල බිත්තර වෙළෙඳ සංගමය තමයි ඉහළ දැම්මෙ. ගිය දෙසැම්බර් මාසෙදිත් බිත්තරවල මිල වැඩි කරල ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීමට අවශ්‍ය වටපිටාව සැකසුවේ ඒ සංගමයේ එක්තරා නිලධාරියෙක් විසින්. රටේ බිත්තර හිඟයක් නැහැ. රටේ බිත්තර අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. ගොවිපොළවලින් සුදු බිත්තරයක් රුපියල් පනහටත් රතු බිත්තරයක් රුපියල් පනස් එකකටත් ලබාගන්න පුළුවන්. නමුත් යම් පිරිසක් ඔවුන්ට බිත්තර ලබා දෙන්නෙ නැහැ කියල රටේ බිත්තර හිඟයක් ඇති බවට පෙන්වා ඉන්දියාවෙන් බිත්තර ගෙන්වන වටපිටාවක් ඇති කළා.” යැයි බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් අලහකෝන් මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ඉහළ නිලතල දරන නිලධාරියකු බිත්තර ගොවිපොළවලට ලබා දෙන චෙක්පත්වල මුදල් නොමැති බවය. ඔවුන් ගොවිපොළ හිමියන්ට මුදල් නොගෙවන අතර ඇතැම්විට මාස ගණනාවක් ප්‍රමාද වන බවද බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. මේ හේතු නිසා තමන් එම නිලධාරියාට ගොවිපොළවලින් බිත්තර ලබා දීමට අකමැති බවද එම සංගමය පවසයි.

”ඒ විතරක් නෙවෙයි, මේ ඉහළ නිලධාරියා ඉන්දියාවෙන් බිත්තර ගෙන්වා ඒවා අධි ශීතකරණයේ (Cool room) දමනවා. ඉන්දියාවේ බිත්තරවල සඳහන් කල් ඉකුත්වීමේ දිනය පවා මකා වැඩි මුදලකට වෙළෙඳපොළට නිකුත් කරනවා. එලෙස මිල වැඩි කිරීමෙන් ඔවුන් ඉතා විශාල ලාභයක් ගන්නවා. ලංකාවේ බිත්තර මිල වැඩියි, බිත්තර හිඟයක් පවතිනවා කියල ඉන්දියාවෙන් බිත්තර ගෙන්වන්න ලොකු උනන්දුවක් දක්වන්නෙ ඒ වැඩි ලාභය නිසයි. මේක ඇත්තටම එක්තරා ආකාරයක කුමන්ත්‍රණයක්. මේ රටේ බිත්තර නිෂ්පාදන කර්මාන්තය කඩා වැට්ටවීමට මේක විනාශ කිරීමට කරන කුමන්ත්‍රණයක්. ගිය වසරේ දෙසැම්බරයේදිත් කළේ ඒ දේමයි. මේක එක්තරා මාෆියාවක්.” යැයි බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් අලහකෝන් මහතා දේශයට වැඩිදුරටත් පැවසීය.

 I දිශානි ජයමාලි කරුණාරත්න

Previous Post

පාසල් නඩත්තුවට අවට අයගෙන් ආධාර එකතු කරනවා!

Next Post

“වැඩියෙන්ම දරදිය ඇද්දේ අනුර කුමාරට” දිලිත්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!

CMBNEWS

CMBNEWS

Next Post
“වැඩියෙන්ම දරදිය ඇද්දේ අනුර කුමාරට” දිලිත්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!

"වැඩියෙන්ම දරදිය ඇද්දේ අනුර කුමාරට" දිලිත්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.