මහින්ද රාජපක්ෂ පාලන සමයේ හොර සල්ලි සමඟ අත්තඩංගුවට ගත් දුලාංජලී ප්‍රේමදාස සම්බන්ධයෙන් සියළුම විස්තර තිස්ස අත්තනායක විසින් හෙළිකර තිබේ.
එම තොරතුරු හෙළිකර තිබෙන්නේ තිස්ස අත්තනායක විසින් ලියා පළ කර තිබෙන “නොකී කතා“ යනුවෙන් නම් කර ඇති පොතේ 421 වෙනි පිටුවේ ය. එම සිද්ධිය සම්බන්ධයෙන් දුලංජලී ප්‍රේමදාස අත්තඩංගවට ගත් අවස්ථාවේ හේමා ප්‍රේමදාස හඬා වැටෙමින් එකකට ජනාධිපති මහින්ද රාජපක්ෂට කතා කළ බවත්, ඒ අනුව නිදහස් කරන ලද ආකාරයත් හෙළිකර තිබේ.
එවකදී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ද මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගෙන සිටි බව එම පොත මගින් අනාවරණය කර තිබේ.
එම තොරතුරු හෙළිකර තිබුනේ “තිස්ස දන්නවාද දුලාංජලී හොර සල්ලි අරගෙන බැංකුවට ගියාම බැංකුවෙන් ඒක CID එකට බාර දුන්න. මේක දැනගෙන හේමා ප්‍රේමදාස මට ටෙලිෆෝන් කර කර අඬා වැටුන. මම ඒ මොහොතේදීම මැදිහත් වෙලා දුලාංජලිව බේරලා දැම්ම.“ යනුවෙන් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ යැයි සඳහන් කර ඇත. මේ වනවිට සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දුලාංජලී ප්‍රේමදාස මෙන් ම තිස්ස අත්තනායක ද “සමගිව“ පෙරමුණේ සිටිති.
