Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

මන්ත‍්‍රීන් 53ක් දිලිත් සමග සාකච්චා…

CMBNEWS by CMBNEWS
May 29, 2024
in පුවත්
0
මන්ත‍්‍රීන් 53ක් දිලිත් සමග සාකච්චා…
0
SHARES
216
VIEWS
Share on FacebookShare on Twitter

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර ඇතුළු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එකාබද්ධව විවේචන, විසඳුම් සහ පොරොන්දු වෙනුවට උපායමාර්ගික වැඩපිළිවෙලක් යන තේමාව යටතේ “සර්ව ජන බලය” නමින් නව දේශපාලන සන්ධානයක් (27) ආරම්භ කෙරිණි.

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්‍රජාතාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී විරසීංහ, යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය මෙලෙස ගිවිසුම්ගත වුණි.

ඒ අනුව එම නව දේශපාලන සන්ධානය පිහිටුවීමේ ලිඛිත ගිවිසුමට අත්සන් තැබීම කොළඹ මූවන්පික් හෝටලයේදී (27) පෙරවරුවේ සිදු කෙරිණි.

එහිදී “එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්” තේමා කර ගනිමින් දසවැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක්ද එළිදක්වනු ලැබීය.

මෙම ගිවිසුම් ගත වීමෙන් පසු දේශපාලන නායකයින් සිදු කළ කතා පහත දැක්වේ

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර

“දේශපාලකයාට වන්දනාමාන කළ මිනිස්සු මතක තියාගන්න ඕන එක කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ඔක්කොම ඉන්නේ තමන්ගේ බඩ වඩා ගන්න වැඩපිළිවෙලක. එම නිසා ඔබගේ පෞද්ගලික පටු අභිලාෂයන් පැත්තක තබා අප සමග එකතු වෙන්න” යැයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජයවීර මහතා මෙසේ පැවසීය

“මව්බිම ජනතා පක්ෂය පසුගිය කාලයක් තිස්සේ දැඩි ලෙස උත්සහ කළා ජාතිකවාදී කදවුර එක්තැන් කර ගන්න. අපි වසර 30කට ආසන්න කාලයක් උත්සහ කළා ලංකාවේ ජාතිකත්වය අපේ ජාතිකවාදී කදවුර දැක ගැනීමට. මම හැමවිටම නියෝජනය කළ කදවුර අද තීරණාත්මක ලෙස එකතු වී තිබෙනවා. මෙහි ප්‍රධාන මහා පොදු සාධකය ජාතිකත්වය සහ මනුස්සකම. ඒ වගේම සත්භාවය. ප්‍රධාන ධාරාව වන ජාතිකත්ව ධාරාව අපේ රටේ ජීවනාලිය. එය රැක ගැනීම සදහායි අපි හැමදාම උත්සහ කළේ. ඒ සදහා මම දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 193කු හමු වෙලා තියෙනවා. මම ඉන් 53කු සමග සමීපව සාකච්ඡා කළා. තව මිතුරන් අප සමග එකතු වෙයි. නමුත් විවිධ හේතුන් නිසා ඔවුන් අද මෙතන නොහිටියත් ඔවුන් සියළුදෙනාගෙන්ම ප්‍රකට වුන එක කාරණයක් තියෙනවා. මේ රටේ ජනතාව දැන ගන්න ඕන. ඔබේ මළ ගෙදරට ආපු, විවාහ උත්සවයට ආපු ඒ දේශපාලකයා කොළඹදී නැහැ. ඒ දේශපාලකයා ඔබ නියෝජනය කරන දේශපාලකයා නෙවේ. ඔබ ගමේ ඉපදුන මිනිහා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉතාම පටු වරප්‍රසාද වෙනුවෙන් මේ ජාතිය පාවා දෙන පනත්වලට අත උස්සනවා. අපිට හරි කණගාටුයි. හැටනව ලක්ෂයක් ජනතාව විශ්වාස කළා තුනෙන් දෙකක් බලය දෙනකොට ඔවුන් නියෝජනය කරන පාර්ලිමේන්තුව තුළ පිරිසක් ඇති වෙයි කියලා. අද අපි ඉතාම ලැජ්ජා සහගත තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසාම ලංකාවේ ජනතාව මේ දේශපාලනය ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා.කාලයක් තිස්සේ මේ දේශපාලකයාට වන්දනාමාන කළ මිනිස්සු මතක තියාගන්න ඕන එක කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ඔක්කොම ඉන්නේ තමන්ගේ බඩ වඩා ගන්න වැඩපිළිවෙලක. එහෙම නැත්තම් කොහොමද අපි නියෝජනය කරමින් අද මේ වෙන වෙන තැන්වල රිංගන්නේ කොහොමද. චන්න කිව්වා වගේ සිග් සැග් ක්‍රමයට. අද මෙතන. හෙට අතන. අනිද්දා ආයේ මෙතන. ඒ නිසා රට වෙනුවෙන්, ඔබ වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් දේශපාලනය ඉතුරු වෙලා තියෙන තැන තමයි සර්වජන බලය. ඒ නිසා අපිට අපේ රට නැති වෙන්නට යන මේ තීරණාත්මක මොහොතේදී ඔබ සියලු දෙනා එකතු වෙන්නට ඕන. ඔබගේ පෞද්ගලික පටු අභිලාෂයන් පැත්තක තියලා එකට යන්න පුළුවන් ගමනක් නිර්මාණය කරගෙන යමු. ඒ සදහා අපි සමග එකතු වෙන්න.” යැයිද හෙතෙම කිවේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

අද ලෝකයේ ප්‍රධාන රටවල දේශපාලන දහම තමයි නව ලිබරල්වාදය. නව ලිබරල්වාදය කියලා කියන්නේ රාජ්‍ය අතුරුදහන් කරනවා. රාජ්‍ය භූමිකාව අහිමි කරන්න ඕන. ඒ වගේම සාමුහිකත්වය බිද දමන්න ඕන. ඕක තමයි නව ලිබරල්වාද දර්ශනය. නවසීලන්තය ගත්තොත් පාසලකට දරුවෙක් ඇතුලත් කිරීම සදහා අයදුම් පතක් පිරවීමේදී මව සහ පියා අහන්නේ නැහැ. ජේ. ආර් කිවේ “මට ගැහැණියක් පිරිමියෙක් කරන්න බැහැ පිරිමියෙක් ගැහැණියක් කරන්න බැහැ” කියලා විතරයි. දැන් රනිල් වික්‍රමසිංහ ඒකාධිපති පනතක් ගේනවා සමලිංගිකත්වය බලගන්වන පනතක්. එතකොට ජේ. ආර්ට කරන්න බැරි වුන දේ රනිල් වික්‍රමසිංහ කරන්න හදනවා. එතකොට ගැහැණියකට පිරිමියෙක් වෙන්නත් පුළුවන්, පිරිමියෙකුට ගැහැණියක් වෙන්නත් පුළුවන්. දැන් මේ නව ලිබරල්වාදී න්‍යාය පත්‍රය තමයි අද විවිධ ස්වරූපයෙන් අපේ හිස පල්ලේ ක්‍රියාත්මක වෙන්නේ. එකේ ආකාර දෙකක් තියෙනවා. දක්ෂිනාංශ ලිබරල්වාදය සහ වාම ලිබරල්වාදය. මේ කදවුරු දෙක තමයි අද ලංකාවේ දේශපලනයේ පිටින් තියෙන්නේ. දක්ෂිනාංශ ලිබරල්වාදයේ අද ඉන්න ප්‍රධාන නියෝජිතයා රනිල් වික්‍රමසිංහ. දක්ෂිනාංශ ලිබරල්වාදය කියනවා ගේනවා ප්‍රතිසංධානය සදහා පනතක් අපේ ආරක්ෂක හමුදාවට දඩුවම් කරන්න. වාමාංශික ලිබරල්වාදය ඒ ගැන වචනයක්වත් නොකියා අහක බලාගෙන ඉන්නවා. දක්ෂිනාංශ ලිබරල්වාදය කියනවා 13 සම්පුර්ණ වශයෙන් බල ගන්වනවා කියලා. වාමාංශික ලිබරල්වාදයේ මහාචාර්ය හරිනි මන්ත්‍රීවරිය කියනවා ඒ සදහා සම්පුර්ණ සහය ලබා දෙනවා කියලා. ඒ වගේම ලාල් කාන්ත කියනවා නීති හැදීමේ බලය සහ නීති ක්‍රියාත්මක කිරීමේ බලය ජනපතිට නැහැ කියලා. ඒ කියන්නේ දක්ෂිනාංශ ලිබරල්වාදයටත් එහාට ගිහිල්ලා. ඊළගට ලිංගික සමානාත්මතාව ඇති කිරීම සදහා වූ පනත. එය කෙටුම්පත් කරමින් සිටිනවා. වාමාංශික ලිබරල්වාදය සද්ද නොකර ඉන්නවා. වාමාංශික ලිබරල්වාදය කියනවා සමන්මලී මැතිනිය කියනවා ගණිකා වුර්තිය නීතිගත කරන්න ඕන කියලා. ඒකට ටිල්වින් සිල්වා කියනවා නැහැ නැහැ අපි එහෙම ප්‍රතිපත්තියක නැහැ කියලා. ඔහු තාම සංක්‍රාන්ති කාලයේ ඉන්නේ. ආයේ හරිනි කියනවා නැහැ නැහැ අපි නීතිගත කරන්නේ නැහැ ඒ සදහා වූ බාධාවන් නීති කිහිපයක් අයින් කරනවලු. ඒ වගේම දක්ෂිනාංශ ලිබරල්වාදය බොරුවට හරි බුදුදහමට ගරු කරනවා. හැබැයි වාමාංශික ලිබරල්වාදය ඒ ගැන මුකුත් නොකියා සද්ද නැතුව ඉන්නවා. දක්ෂිනාංශ ලිබරල්වාදය බොරුවට හරි දළදා මාලිගය වනදනාමාන කරනවා මල් වට්ටියක් අරගෙන ගිහින්. වාමාංශික ලිබරල්වාදය දළදා මාලිගය පැත්ත පළාතේ නොගිහින් ඉන්නවා. ඒක දැක්කාම නයාට අදුකොල වගේ. දැන් බෞද්ධ සංස්කෘතියට දක්ෂිනාංශ ලිබරල්වාදය එළිපිට පහර දෙන්නේ නැහැ. ඒ වගේම වාමාංශික භික්ෂුවක් කියනවා ගණිකා වුර්තිය නීතිගත කරන්න ඕන. බුදු හාමුදුරුවොත් ගණිකාවන් ඇසුරු කළා කියලා. නිවැරදි ලිංගිකත්වය හොදම මර්ගයලු. බුද්ධ වන්දනාව එපා. බෞද්ධ සංස්කෘතියට ගහනවා බෞද්ධ දර්ශනය රකිනවා කියමින්. බෞද්ධ සංස්කෘතිය නැතුව දර්ශනය තෝරා ගන්න හම්බ වෙන්නේ නැහැ කාටවත්. ඒ නිසා මේ දෙක නිවුන් සහෝදරයෝ වගේ. බොරු විරෝධයක් එළිපිට පෙන්නුවාට ඇතුලෙන් තියෙන්නේ අන්තර්කාලින සමගියක්. තව එකක් තියෙනවා. දක්ෂිණාංශික ජාතිකවාදය. ඒක නියෝජනය කරන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ ගොල්ලෝ දක්ෂිණාංශික ලිබරල්වාදයේ ප්‍රධානතම පෙරගමන්කරුවා වුන රනිල්ට අත උස්සන හින දේශපාලන දාසයන් බවට පත් වෙලා තියෙනවා. ඔවුන් රනිල් ගේන ඕන පනතකට අත උස්සන කුලීකරුවන් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මෙම ලිබරල්වාද දෙකටම විරුද්ධව ඇත්ත ජාතිකවාදී දේශපාලන ගමනක් යාම සදහා සර්ව ජන බලය සමග එකතු වෙන්න.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල

සමහරු බලාගෙන හිටියේ මෙවර මැතිවරණයෙන් ජාතික ව්‍යාපාරය වල දාලා මල බත කන්න. ජාතික ව්‍යාපාරය මරන්නත් බැහැ, මැරෙන්නෙත් නැහැ. අපි සැම එකතුවෙලා ඒක මරන්න දෙන්නෙත් නැහැ. මව්බිම ගිනිගන්නා විට මේ මව්බිම ගිනි තැබුවේ කවුදැයි සොයමින් එකිනෙකාට ඇගිලි දිගු කරනවා මිස මේ ගින්න නිවන්න උත්සහ කරන්නේ නැහැ. අද අපි එකතු වෙන්නේ ඒ විවේචන ගොන්නට අලුත් විවේචනයක් එකතු කරන්න නෙවේ. විසදුම කුමක්ද කියන හරවත් සංවාදය මේ සමාජය තුල ඇති කර ගැනීමටයි. අපේ අර්බුදයට හේතුව හරි සරලයි. එක පැත්තකින් ආණ්ඩුව තමන්ගේ ආදායම වගේ දෙගුණයක් මුදල් වියදම් කරනවා. 2022 වසරේ ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම අඩුම රටවල් හය අතරට  ලංකාව එකතු වුනා. දැන් ණය ගෙවන්නත් ණය ගන්න නිසා අද අපි දැවැන්ත ඩොලර් අර්බුදයක හිරවෙලා ඉන්නවා. ඉතින් අපි බංකොලොත් වීම අහන්නත් දෙයක්ද. රට බංකොලොත් වෙලා වසර දෙකකට වැඩියි. අපේ මොන නායකයාද ඇවිත් කිවේ සිරි ලක දේ සිරි සැප දේ අපේ දේ කියලා. අපේ මොන නායකයාද ඇවිත් කිවේ හදන්න පුළුවන් හැමදේම අපි හදමු වවන්න පුළුවන් හැමදේම වවමු අපි මේ ප්‍රශ්නයෙන් ගොඩ යමු කියලා. අද හැමෝමටම ප්‍රශ්නයට උත්තරය හොයා ගන්න බැරි වෙලා තියෙන්නේ හේතුව අදුර ගන්න බැරි වුන නිසයි. දුකට හේතුව හොයා ගන්න බැරි වුනොත් දුකින් මිදීමේ මාර්ගය කාටවත් පාදගන්න බැරි වෙනවා. අද සමහර දේශපාලන බලවේග හිතාගෙන ඉන්නේ දුෂණය තමයි මේ අර්බුදයට හේතුව කියලා. දැවැන්ත දුෂණයක් ඇති අසල්වාසී ඉන්දියාව අද ලෝකයේ දැවැන්තම ආර්ථික වර්ධනයක් වාර්තා කරන රටවල් අතරට එකතු වෙලා. එහෙම නම් අපේ ප්‍රශ්නය දුෂණය නොවේ නම් මොකද්ද ප්‍රශ්නයට හේතුව කියන එක හොයා ගන්න තුරු කාටවත් මේ ප්‍රශ්නයට උත්තර හොයන්න වෙන්නේ නැහැ. අද මාලිමාවේ ජනාධිපති අපේකෂකයා නම් කරලා වසරකට වැඩියි. තවමත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය රටට කියලා නැහැ. කියන්නේ නැහැ. කියන්න බැහැ. කිව්වට පස්සේ ජනතාව විවේචනය කරයි කියලා බයයි. තමන් හදන ප්‍රතිපත්ති ප්‍රකාශය විශ්වාස කරන්න ආත්ම විශ්වාසයක් නැති අයට ජාතියේ අනාගතය බාර දෙන්නේ කොහොමද. අපි දසවැදෑරුම් ප්‍රතිපත්ති ප්‍රකාශයක් එලි දැක්වුවා. මෙය මත පදනම් වෙලා මාසයක් ඇතුළත අපේ උපායමාර්ගික වැඩපිළිවෙල ජනතාව ඉදිරියේ තබනවා. අනිත් බලවේග වගේ අපේ අදහසක් නැහැ ජනාධිපතිවරණයට සති දෙකක් තුනක් තියලා ප්‍රත්පත්ති ප්‍රකාශය ඉදිරිපත් කරලා ජනතාවට අඩුවෙන් බලන්න සලස්වලා විවේචනවලින් පැනලා දුවන්න. අපිට වැරදුනා, හැබැයි අදුරට සාප කරමින් හිටියා ඇති. අපි දැන් පහන් දල්වන්න පටන් ගමු. අපි විවේචන කරමින් හිටියා ඇති. ධනවත් ඇමරිකාව තමයි ලෝකයේ මිනීමැරුම්වලින් අංක එක. ධනවත් ඇමරිකාව තමයි මත්ද්‍රව්‍ය භාවිතයෙන් අංක එක. ඒ නිසා තමයි අපි ජාතියට පොරොන්දු වෙන්නේ ආර්ථික සංවර්ධනයත් සමග තුලනාත්මකව ඉදිරියට යාම සදහා අප සමග එකතු වෙන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන

අපේ ජාතියට කවදාවත් නායකයින් නැති වුනේ නැහැ. නායකයින් හිටියා. හැබැයි දැන් ඊලග නායකයා කවුද කියන එක තමයි ජාතිය හමුවේ ඇති අභියෝගය. ඒ සදහා තමයි අපි මේ සර්වජන බලය ආරම්භ කළේ. ජාතික කදවුරු දෙක තුනක් තියෙන්න බැහැ. එකයි තියෙන්නේ. අද මේ ඉන්න නායකයින් දිහා බලලා කලපනා කරලා බලන්න අඩුම ගානේ වසර 20ක් ඔවුන් තමන්ගේ කදවුර වෙනස් කරන්නේ නැතුව එක දිගට කදවුර වෙනුවෙන් පෙනී සිටි මිනිස්සු. අනිත් අය සිග් සැග් ක්‍රමයට එහෙට මෙහෙට ගිය අය. බදියුර්දින් ඡන්ද ලක්ෂයක් තියාගෙන කේවල් කරනවා. තොන්ඩමන් මැතිතුමා ඡන්ද ලක්ෂ දෙකක් තියාගෙන කේවල් කරනවා. දිගම්බරම්ට ලක්ෂ 3ක් තියෙනවා. මේ රටේ ජාතික ව්‍යාපාරයට ලක්ෂ කියක් තියේද. අපි ඒ තරම් දුර්වල නැහැ. අපි නැගිටිනවා අළු ගසා දාලා. ඒකාන්ත වශයෙන්ම මේ රටේ ඊලග ජනාධිපති බිහි කරන්නෙත්, අගමැති බිහි කරන්නෙත් අපට ඕන කෙනයි. අපේකම සමග කාටවත් සෙල්ලම් කරන්න දෙන්න බැහැ. අපේ මිතුරන් සතුරන් කවුද කියලා අපි හොදට දන්නවා. සැලකිය යුතු මන්ත්‍රීවරුන්

සමහරු බලාගෙන හිටියේ මෙවර මැතිවරණයෙන් ජාතික ව්‍යාපාරය වල දාලා මල බත කන්න. ජාතික ව්‍යාපාරය මරන්නත් බැහැ, මැරෙන්නෙත් නැහැ. අපි සැම එකතුවෙලා ඒක මරන්න දෙන්නෙත් නැහැ. මව්බිම ගිනිගන්නා විට මේ මව්බිම ගිනි තැබුවේ කවුදැයි සොයමින් එකිනෙකාට ඇගිලි දිගු කරනවා මිස මේ ගින්න නිවන්න උත්සහ කරන්නේ නැහැ. අද අපි එකතු වෙන්නේ ඒ විවේචන ගොන්නට අලුත් විවේචනයක් එකතු කරන්න නෙවේ. විසදුම කුමක්ද කියන හරවත් සංවාදය මේ සමාජය තුල ඇති කර ගැනීමටයි. අපේ අර්බුදයට හේතුව හරි සරලයි. එක පැත්තකින් ආණ්ඩුව තමන්ගේ ආදායම වගේ දෙගුණයක් මුදල් වියදම් කරනවා. 2022 වසරේ ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම අඩුම රටවල් හය අතරට ලංකාව එකතු වුනා. දැන් ණය ගෙවන්නත් ණය ගන්න නිසා අද අපි දැවැන්ත ඩොලර් අර්බුදයක හිරවෙලා ඉන්නවා. ඉතින් අපි බංකොලොත් වීම අහන්නත් දෙයක්ද. රට බංකොලොත් වෙලා වසර දෙකකට වැඩියි. අපේ මොන නායකයාද ඇවිත් කිවේ සිරි ලක දේ සිරි සැප දේ අපේ දේ කියලා. අපේ මොන නායකයාද ඇවිත් කිවේ හදන්න පුළුවන් හැමදේම අපි හදමු වවන්න පුළුවන් හැමදේම වවමු අපි මේ ප්‍රශ්නයෙන් ගොඩ යමු කියලා. අද හැමෝමටම ප්‍රශ්නයට උත්තරය හොයා ගන්න බැරි වෙලා තියෙන්නේ හේතුව අදුර ගන්න බැරි වුන නිසයි. දුකට හේතුව හොයා ගන්න බැරි වුනොත් දුකින් මිදීමේ මාර්ගය කාටවත් පාදගන්න බැරි වෙනවා. අද සමහර දේශපාලන බලවේග හිතාගෙන ඉන්නේ දුෂණය තමයි මේ අර්බුදයට හේතුව කියලා. දැවැන්ත දුෂණයක් ඇති අසල්වාසී ඉන්දියාව අද ලෝකයේ දැවැන්තම ආර්ථික වර්ධනයක් වාර්තා කරන රටවල් අතරට එකතු වෙලා. එහෙම නම් අපේ ප්‍රශ්නය දුෂණය නොවේ නම් මොකද්ද ප්‍රශ්නයට හේතුව කියන එක හොයා ගන්න තුරු කාටවත් මේ ප්‍රශ්නයට උත්තර හොයන්න වෙන්නේ නැහැ. අද මාලිමාවේ ජනාධිපති අපේකෂකයා නම් කරලා වසරකට වැඩියි. තවමත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය රටට කියලා නැහැ. කියන්නේ නැහැ. කියන්න බැහැ. කිව්වට පස්සේ ජනතාව විවේචනය කරයි කියලා බයයි. තමන් හදන ප්‍රතිපත්ති ප්‍රකාශය විශ්වාස කරන්න ආත්ම විශ්වාසයක් නැති අයට ජාතියේ අනාගතය බාර දෙන්නේ කොහොමද. අපි දසවැදෑරුම් ප්‍රතිපත්ති ප්‍රකාශයක් එලි දැක්වුවා. මෙය මත පදනම් වෙලා මාසයක් ඇතුළත අපේ උපායමාර්ගික වැඩපිළිවෙල ජනතාව ඉදිරියේ තබනවා. අනිත් බලවේග වගේ අපේ අදහසක් නැහැ ජනාධිපතිවරණයට සති දෙකක් තුනක් තියලා ප්‍රත්පත්ති ප්‍රකාශය ඉදිරිපත් කරලා ජනතාවට අඩුවෙන් බලන්න සලස්වලා විවේචනවලින් පැනලා දුවන්න. අපිට වැරදුනා, හැබැයි අදුරට සාප කරමින් හිටියා ඇති. අපි දැන් පහන් දල්වන්න පටන් ගමු. අපි විවේචන කරමින් හිටියා ඇති. ධනවත් ඇමරිකාව තමයි ලෝකයේ මිනීමැරුම්වලින් අංක එක. ධනවත් ඇමරිකාව තමයි මත්ද්‍රව්‍ය භාවිතයෙන් අංක එක. ඒ නිසා තමයි අපි ජාතියට පොරොන්දු වෙන්නේ ආර්ථික සංවර්ධනයත් සමග තුලනාත්මකව ඉදිරියට යාම සදහා අප සමග එකතු වෙන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන

අපේ ජාතියට කවදාවත් නායකයින් නැති වුනේ නැහැ. නායකයින් හිටියා. හැබැයි දැන් ඊලග නායකයා කවුද කියන එක තමයි ජාතිය හමුවේ ඇති අභියෝගය. ඒ සදහා තමයි අපි මේ සර්වජන බලය ආරම්භ කළේ. ජාතික කදවුරු දෙක තුනක් තියෙන්න බැහැ. එකයි තියෙන්නේ. අද මේ ඉන්න නායකයින් දිහා බලලා කලපනා කරලා බලන්න අඩුම ගානේ වසර 20ක් ඔවුන් තමන්ගේ කදවුර වෙනස් කරන්නේ නැතුව එක දිගට කදවුර වෙනුවෙන් පෙනී සිටි මිනිස්සු. අනිත් අය සිග් සැග් ක්‍රමයට එහෙට මෙහෙට ගිය අය. බදියුර්දින් ඡන්ද ලක්ෂයක් තියාගෙන කේවල් කරනවා. තොන්ඩමන් මැතිතුමා ඡන්ද ලක්ෂ දෙකක් තියාගෙන කේවල් කරනවා. දිගම්බරම්ට ලක්ෂ 3ක් තියෙනවා. මේ රටේ ජාතික ව්‍යාපාරයට ලක්ෂ කියක් තියේද. අපි ඒ තරම් දුර්වල නැහැ. අපි නැගිටිනවා අළු ගසා දාලා. ඒකාන්ත වශයෙන්ම මේ රටේ ඊලග ජනාධිපති බිහි කරන්නෙත්, අගමැති බිහි කරන්නෙත් අපට ඕන කෙනයි. අපේකම සමග කාටවත් සෙල්ලම් කරන්න දෙන්න බැහැ. අපේ මිතුරන් සතුරන් කවුද කියලා අපි හොදට දන්නවා. සැලකිය යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඉදිරි සති කිහිපයේදී අප සමග එකතු වෙනවා. සර්වජන බලය සර්වජන වශියක්ම වේවා යැයි මම ප්‍රර්ථනා කරනවා.

සංඛ්‍යාවක් ඉදිරි සති කිහිපයේදී අප සමග එකතු වෙනවා. සර්වජන බලය සර්වජන වශියක්ම වේවා යැයි මම ප්‍රර්ථනා කරනවා.

Previous Post

සෑම දුප්පත් කාන්තාවකගේ ගිණුමකටම ජූනි 05දා සිට රු. 8,500ක්!

Next Post

ජනාධිපතිවරනය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්!

CMBNEWS

CMBNEWS

Next Post
ජනාධිපතිවරනය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්!

ජනාධිපතිවරනය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.