ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ගේ ගෙවීම් වැඩි කර තිබෙනවා.
වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ ගෙවීම වැඩි කළ බවයි එම ආයතනය නිවේදනය කළේ.
ඒ අනුව ටෙස්ට් තරග සඳහා සහභාගී වන ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුව සියයට 100කින් ඉහළ යනු ඇති.
ඔවුන්ගේ ගෙවීම් දක්ෂතා අනුව තීරණය කෙරෙනවා.
එමෙන් ම ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජයග්‍රහණය කිරීම, ජය පරාජයෙන් තොරව අවසන්වීම හෝ පරාජය වීම මත ද ගෙවීම් ක්‍රමවේද වෙනස් වන බව සඳහන්.
එමෙන් ම එක්දින ජාත්‍යන්තර සහ 20යි 20 ජාත්‍යන්තර තරග සඳහා සියයට 25කින් ගෙවීම් ඉහළ දමා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ශ්‍රේණිගත කර ඇති ක්‍රීඩකයින් සඳහා ද පිළිගැනීමේ ක්‍රමවේදයක් සකසන බව ද එහි දැක්වෙනවා.
නව කොන්ත්‍රාත්තු සඳහා ක්‍රීඩකයින් 41 දෙනෙකු තෝරාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්.
