ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ ජනතාව නියෝජනය කරමින් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන අතර ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවයකට පැමිණ තිබෙන බව ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසනවා.
ප්‍රජතන්ත්‍රවාදී දෙමළ සන්ධානයේ දිස්ත්‍රික් සංවිධායක කමිටු රැස්වීමක් පසුගිය 25 දා කිළිනොච්චියේ පැවැති අවස්ථාවේදි අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.
උතුරු – නැගෙනහිර පළාත් දෙමළ ජනතාවටත් දේශපාලනමය අභිලාෂ ඇති බව ජාතිකවත් ජාත්‍යන්තරවත් සනාථ කිරීමේ අරමුණින් එලැඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවයි ඔහු පවසන්නේ.
කෙසේ වෙතත් දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදි ජනාධිපතිවරණයට දෙමළ අපෙක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ යෝජනාව ප්‍රතික්ෂේප වී තිබුණි.