චීනයේ යුධ නෞකාවක් කොළඹ වරායට සේන්දු වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ අවධානය යොමුව තිබෙනවා. චීනයට අයත් යුද නෞකාවක් කොළඹ වරායට මෙලෙස සේන්දු වූයේ ඉකුත් බ්‍රහස්පතින්දායි. හයි යැන්ග් ටුවෙන්ටි ෆෝ නමැති එම යුධ නෞකාව නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති බවයි නාවික හමුදාව පැවසුවේ. දිගින් මීටර් 129 ක් වන එම නෞකාව, 138 ක නාවික සාමාජිකයින්ගේ සමන්විතයි.
කෙසේවෙතත් ඉන්දීය මාධ්‍ය පැවසුවේ එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක අරින්දාම් බාවූ මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් පළ කර ඇති බවයි. ඉන්දියාවේ ආරක්ෂක අවශ්‍යතාවලට බලපාන ඕනෑම සිද්ධියක් හොඳින් නිරීක්ෂණය කරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී සදඟන් කර ඇත්තේ.
ඉන් අනතුරුව අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයට අවධාරණය කරන බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක අරින්දාම් බාවූ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම, ආරක්ෂාව සඳහා වැදගත් සියලු පියවර අනිවාර්යෙන්ම ගන්නා බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.
ඉකුත් දා කොළඹ වරයාට සේන්දු වූ චීනයට අයත් මෙම යුද නෞකාව ලබන අද දිනයේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව නාවික හමුදාව පැවසුවා.