Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

හැමෝම සොයන චැනල් 4 හි සැඟවුණු ඔත්තුකරුවා?

CMBNEWS by CMBNEWS
September 5, 2023
in පුවත්
0
හැමෝම සොයන චැනල් 4 හි සැඟවුණු ඔත්තුකරුවා?
0
SHARES
3.4k
VIEWS
Share on FacebookShare on Twitter

හැමෝම සොයන චැනල් 4 හි සැඟවුණු ඔත්තුකරුවා
ලංකාවේ හුදී ජනයා බලා සිටින්නේ පිටින් එකෙක් ඇවිත් තමන්ගේ දුක් කම්කටොලු විසඳා දෙනතුරුය. කලින් කලට දියසේන්ලා පහළවන්නේ එබැවිනි.
ඔය සෙට් එකක් සිටි. ඒ මේ රටේ කිසි වගතුවක් නැතුව වැලේ වැල් නැතුව සිට “අසයිලම්” හෙවත් සරණාගතභාවය සොයාගෙන රට රටවලට ගොස් “පිටරට සිට රට හදන පිස්සුවෙන්” පෙලෙන මිඩියා පොරවල්ය.
2009 මානුෂිය මෙහෙයුම අවසානයත් සමඟම යන එනමන් නැතුව සිටි කොටි සරණාගතයෝ සිය සරනාගතභාවය රැකගැනීමට විවිධ උප්පරවැට්ටි දැමුහ. එම උප්පරවැට්ටි අතර කුප්‍රකට චැනල් 4 නාඩගම ප්‍රමුඛ ස්ථානයක් ගනී. ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය පැරදු මානුෂිය හමුදාවට අභූත යුද්ධ අපරාධ චෝදනා එල්ලකරමින් ජාත්‍යන්තර අධිකරණයට දක්කාගෙන ගොස් කෙක්කෙන් හෝ කොක්කෙන් ලංකා රජය දන ගස්සවිමටය.
එහෙත් චැනල් 4 නිරුවත් මාධ්‍ය කලාව පිලිබඳ එකල සිටි බුද්ධිමත් ජනතාව හොඳින් අවබෝධකරගෙන සිටියහ. රජයද ඉතා ප්‍රබලව සාක්ෂි වල විශ්වසනීය භාවය ප්‍රශ්නකරමින් එම චෝදනා ප්‍රතික්ෂේප කලේය.
චැනල් 4 යනු බ්‍රිතාන්‍යයයේ ලියාපදිංචි නාලිකාවක් වුවද මොවුන්ගේ ප්‍රධාන අරමුණ හුදෙක්ම සල්ලි උපයාගැනීම සඳහා අනෙකුත් රටවල් වල පවතින ප්‍රශ්න market කරමින් ඇති තරම් සල්ලි උපයා ගැනීමයි. රට බ්‍රිතාන්‍යය උවත් මේ වනතෙක් ඔවුනගේ රටේ කිසිම ප්‍රශනයක් මේ වනවිටත් පල කර නොමැත්තේ කොට්ටෝරුවා සේ හොට පටලා ගැනීම වලක්වා ගැනීම උදෙසාය.
දැන් තවත් නාඩගමක් එළිදැක්වීමට නියමිතව ඇත. ඒ චැනල් 4 වෙතින් දියත් කරනු ලබන පිල්ලෙයාන්ගේ දකුණු බඳු “දෙමල ජනතා විමුක්ති කොටි” සංවිධානයේ කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක යයි කියාගන්නා එංගලන්ත සරණාගත අපේක්ෂක මොහොම්මදු මිහිලාර් මොහොමදු හන්සීර් හෙවත් අසාද් මවුලානා යන නාමයෙන් පෙනී සිටින පුද්ගලයෙකු විසින් සිදු කල ප්‍රකාශයක් පදනම් කරගනිමින්ය. තමාගේ ඇත්ත නමින්වත් පෙනී සිටීමට නොහැකි මෙවැනි පුද්ගලයෙක් සිදු කරන ප්‍රකාශ සැබවින්ම නිවැරදිද ?? මෙය තවත් නාඩගමක් නොවේද ?
එබැවින් චැනල් 4 මුලාශ්‍ර කරගන්නා සරණාගත අපේක්ෂක අසාද් මවුලානා කවුද යනු හඳුන්වා දීමට කැමැත්තෙමු.
අසාද් මවුලානා උපත ලැබුවේ 1983ය. ඔහුගේ පියා වන අලියාර් මොහොමදු මිහිලාර් EPRLF සංවිධානයේ උතුරු නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති වරදරාජා පෙරුමාල්ගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කර ඇති අතර එල්ටීටීඊ සංවිධානයේ තර්ජන හේතුවෙන් 1990 වර්ෂයේ මුල් භාගයේ ඉන්දියාවට පළාගොස් සිටියදී 1990.06.19 දින ඉන්දියාවේ චෙන්නායි ප්‍රදේශයේදී එල්ටීටීඊ ප්‍රහාරයකින් මියගොස් ඇත. අසාද් මවුලානාට දැන් වයස අවුරුදු 40 කි. ඔහුට LTTE, EPRLF TMVP වැනි ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ විශාල සම්බන්ධතා තිබුණි. ඔහු ඊළාම් යුධ සමයේදී , ප්‍රාණ ඇපකරුවන්ගෙන් කප්පම් ගැනීම සහ ළමා සොල්දාදුවන් බඳවා ගැනීම වැනි අපරාධ ක්‍රියා විශාල ප්‍රමාණයකට වැරදි කරු වී ඇත.
අසාද් මවුලානා ඩග්ලස් දේවානන්ද ඇමති කාලයේ කජු සංස්ථාවේ සේවයකර පසුව ඔහු කරුණා එල්ටීටීඊ සංවිධානයෙන් ඉවත්වීමෙන් පසු 2004 වසරේදී කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් සමඟ එකතු විය. කරුණා අම්මාන් සහ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) අතර අසමගිය වැපිරීමට සහ තුන්වන පාර්ශ්වයන් හරහා ඔවුන් පාවාදීමට සිදුවීම් මෙහෙයවීමට ද විශේෂ භූමිකාවක් ඉටු කර පසුව ඔහු TMVP නමින් හැඳින්වෙන පිල්ලෙයාන්ගේ දේශපාලන පක්ෂයේ ලේකම්වරයා ලෙස කලක් කටයුතු කළේය.
අසාද් ගේ චතුර භාෂා හැසිරවීම හේතුවෙන් ඔහුට ප්‍රබල මාධ්‍ය ජාලයක් ගොඩනැගී ඇති අතර, එය ඔහු පුද්ගලික සහ නිතී විරෝධී වාසි සඳහා භාවිතා කරන බැවින් ඔහුගෙන් සිදුවිය හැකි ප්‍රතිවිපාක සලකා ඔහු සමඟ ඇසුරු කිරීමට නවතන ලෙස පිල්ලෙයාන්ට විශ්වාසදායක ආරංචි මාර්ග අනතුරු අඟවා ඇත.. ඒ අනුව පසුව පිල්ලෙයාන් විසින් අසාද්ව පිටමං කර ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි කරුණාගේ ගෝලයෙක් වූ රඝු සිය සමීපතමයා බවට පත්කරගෙන ඇත.
ඉන් පසුව පිල්ලෙයාන් ක්‍රමයෙන් අසාද් දුරස් කිරීමත් පසුව අභිරහස් ලෙස අතුරුගිරිය වානේ සංස්ථාව අසල වූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා රඝු මියයාමත්. රඝුට වෙඩි තැබීමේ සිද්ධියේදී, අසාද් මවුලානා සිද්ධියවී විනාඩි පහක් ඇතුළත කොළඹ සිටින ඔහුගේ මාධ්‍ය මිතුරන් මඟින් එම ඝාතනය එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත බැර කිරීමත් යන සිදුවීම් හේතුවෙන් මේ සිදුවුයේ හොරාට කලින් කෙසෙල් කැන වටපැනීම බව ඕනෑම කෙනෙකුට අවබෝධවිය යුතුය. ඒ අනුව රඝුගේ ඝාතනයට අසාද් මවුලානගේ සම්බන්ධයේ අභිරහස ක්‍රමයෙන් ලිහාගැනීම ඔබට භාරය.
බයිසිකලයෙන් කරුණා ලඟට පැමිණි අසාද් CBI- 2385 දරන සුපිරි මෝටර් රථයත්, ලක්ෂ 700කට වඩා ගනුදෙනු සිදු කල 1162540301 අංක දරන Standard Charted බැංකු ගිණුමත් , ලංකාවේ මිල අධිකම ප්‍රදේශ වල (දෙහිවල span tower, බම්බලපිටිය) ප්‍රධාන පෙලේ තට්ටු නිවාස 3ක හිමිකරුවෙක් වීමත් පිටුපස ඇත්තේ පිල්ලෙයාන්ගේ නම සහ බලය අයුතු ලෙස යොදාගනිමින් කල සොරකම් වංචා සහ කප්පම් මුදල්ය. පිල්ලෙයාන් මහ ඇමතිව සිටින කාලයේදී රජය හරහා නැගෙනහිර පළාතේ නොමිලේ බෙදාහැරීමට ජපන් රජයෙන් ලබාදුන් බයික් රථ සොරකම් කර වාලච්චේන ප්‍රදේශයේ SS Commodity Trade (Pvt) Ltd නම් බයිසිකල් කඩයක් දමාගැනීම සහ රැකියා ලබාදෙන බව පවසා මුදල් වන්චාකිරිම පිලිබඳ වාලච්චේන පොලිසියේ ඇති පැමිණිලි රාශිය අසාද්ගේ අසාධු චරිතයට සාක්ෂි දරයි.
කෙසේ වෙතත් 2021 දී කප්පම් සහ වංචා චෝදනා වලින් බේරීමට ඔහු ඉන්දියාවට ගිය අතර අවස්ථා කීපයකදී ඉන්දියාව , ශ්‍රී ලංකාව සහ ප්‍රංශයතානාපති කාර්යාල හරහා සිදු වූ වීසා ප්‍රතික්ෂේප කිරීම් නොතකා වංචනිකව ප්‍රංශය හරහා එක්සත් රාජධානියට ඇතුල්වීමට ඔහු සමත් විය.
සිය සරණාගත සෙල්ලමේ අලුත් තුරුම්පු කොලය ලෙස පාස්කු දින ප්‍රහාරය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කළ බවට වන සුප්‍රසිද්ධ කුමන්ත්‍ර න්‍යාය උපයෝගී කරගෙන ඔහු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට නොමඟ යවන සුළු, තොරතුරු සපයා ඒ හරහා නැවතත් රටේ බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ වෙත අත තබන්නට චැනල් 4 පැමිණ ඇත… ලබ්බට 2009 තැබූ ඇත 2023 පුහුලට තබන්න මග පදෙන්නේ එසේය.
ඒ අනුව පාස්කු ප්‍රහාරයට යුක්තිය සොයන පවිත්‍ර චේතනාවෙන් හුදී ජනයා සිය අලුත්ම ගැලවුම්කාරයා ලෙස චැනල් 4 සහ සරණාගත අසාත් මවුලානා බෞතිස්ම කර ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ අපට පෙනේ. බයිසිකලයෙන් අසාද් මවුලානා කෝටිපතියෙක් බවට පත්වුයේ කුමන ආකාරයෙන්ද යන්න අදාළ අංශ අනිවාර්යයෙන්ම පරික්ෂා කල යුතුය.
පාස්කු විමර්ශන කොමිසම වෙත එකදු වාචික හෝ ලිඛිත ප්‍රකාශයක් නොදුන් මවුලානා අවුරුදු 4කට පසු නින්දෙන් නැගිට මෙන් පාස්කු ප්‍රහාරයේ මොළකරුවන් ගැන කියන්නේ සිහිනෙන් පෙනුණු හෙළිදරව්වක් නිසාදැයි විමසිය යුතුය.
ඒ අතරම මෙවැනි සරණාගත කතන්දරකාරයන්ගෙන් පාස්කුවේ පේන අහන බවලත්තුන්ගේ බුද්ධි මට්ටමද ප්‍රශ්න කල යුතුමය.
මෙවැනි ප්‍රශ්නකාරී පසුබිමක් සහිත නාලිකාවකින් එවැනිම නීච පසුබිමක් සහිත මුලාශ්‍ර යොදාගෙන සිදුකරන පදනම් විරහිත චෝදනා කිසිදු විමසීමකින් තොරව හිස් මුදුනින් වැළඳගැනීමේ සහ ෆේස්බුක් පාවාඩ එලමින් පිළිගැනීමේ අවිචක්ෂනශීලි සමාජ නායකයන් සමාජයෙන් පිළිකෙව් කලයුතු නොවේද?

ලෝකයේ ක්‍රියාත්මක වන විශ්ෂ්ඨතම විමර්ෂණ ආයතනයන් වන වන FBI සහ ඕස්ට්‍රේලියානු පොලිසියද පැමිණ පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ෂණ කර වැරදි කරුන්වන් ලෙස නවුෆර් මවුලවි , මිල්හාන් සහ රිස්කාන් නම් කර තිබියදීත්, තමාගේ ඇත්ත නමවත් නොකියා බොරු නමකින් ඉදිරිපත් වී සරණාගත විසා ලබා ගැනීමට අමු අමු වේ බොරු කියන අසාද්ලා කියන දේ නිවැරදිද ?? නැතිනම් ලෝකයේ විශ්ෂ්ඨතම ආයතනයක් විසින් විධිමත් පරීක්ෂණයකි පසුව සිදු නිකුත් කර ඇති වාර්තා නිවැරදිද ?
පාඨකයිනි , තීරණය ඔබ සතුයි….

Previous Post

බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේ කුමක්ද?

Next Post

“හිතවත්කම් හතරේ සීමාවට පිටතින් තබා ගන්න” – Gautam Gambhir

CMBNEWS

CMBNEWS

Next Post
“හිතවත්කම් හතරේ සීමාවට පිටතින් තබා ගන්න” – Gautam Gambhir

“හිතවත්කම් හතරේ සීමාවට පිටතින් තබා ගන්න” – Gautam Gambhir

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.