ශ්‍රී ලංකාව රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාලිකාව බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA) වෙත ලබා දීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනාව කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද(14) පස්වරුවේ රැස් විය.
ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා අදාල කැබිනට් පත්‍රිකාව මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
‘චැනල් අයි’ නාලිකාව ‘ලයිකා’ ගෘෘෆ් වෙත ලබා දීමට ජුලි මස අගදී දෙපාර්ශවය විසින් ගිවිස ගෙන තිබී ඇතත් ඒ සඳහා රුපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පුර්ව අනුමැතියක් ලබාගෙන නොතිබුන බව කියති.
කෙසේ වෙතත් සේවක වැටුප් පවා ගෙවා ගන්නට නොහැකි තත්වයක පවතින ජාතික රූපවාහිනී සේවයේ බර මේ අනුව ජනතා බදු මුදල් මතම යැපීම හේතුව එහි බර ජනතාව මතටම පැටවෙනු ඇත.