Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    රිලවුන් ඇල්ලීමේ මෙහෙයුම ජගත් මනුවර්ණට!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result
Colombo Tribune
No Result
View All Result
ADVERTISEMENT
Home පුවත්

චන්ද්‍රයාන් හඳට යද්දී කුරුන්දියේ නතර වන ලංකාව!

CMBNEWS by CMBNEWS
August 26, 2023
in පුවත්
0
චන්ද්‍රයාන් හඳට යද්දී කුරුන්දියේ නතර වන ලංකාව!
0
SHARES
99
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී  ලංකාවේ අසල්වැසි රාජ්‍යය වූ මහා භාරතය නිපදවූ චන්ද්‍රයාන් ලෑන්ඩරය – 3 අගෝස්තු 23 වැනි දින සවස 5.40ට ටොන් 1.7ක් ලෝහ, ප්ලාස්ටික් සහ වීදුරු රැගෙන සඳට කිලෝමීටර් 30ක් පමණ ඉහළින් කක්ෂයක වේගයෙන් ගමන් කරමින් තිබිණි. නමුත් මුළු ලෝකයම විස්මයට පත්කරමින් ඊළඟ මිනිත්තු 23දී  චන්ද්‍රයාන් – 3  ක්‍රියාකාරී සංවේදක කට්ටලයක් විසින් මෙහෙයවනු ලැබ වේගය අඩු කරගනිමින්, නිවැරදි වෙමින් මෘදු ලෙස සඳට ගොඩබැසීමෙන් ඉතිහාසයට එක්විය.  එදින හවස 06.00ට සඳ බැස යන විට ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISOR) වෙත රැස් වූ ඉන්දීය විද්‍යාඥයෝ ප්‍රීතිඝෝෂා පවත්වන්නට වූහ. ලොව පුරා වෙසෙන ඉන්දියානුවන්ටද ආසියානුවන්ටද අවසානයේ ලෝකවාසීන්ටද ආනන්දජනක අත්දැකීමක් වූයේය.

සඳ මත අභ්‍යවකාශ යානයක් මෘදු ලෙස ගොඩබැස්වූ සිවුවන රට ඉන්දියාවයි.  ස‍ෙ¾දහි දක්ෂිණ ධ්‍රැව කලාපයේ එසේ කළ පළමු රට ඉන්දියාවයි. එය අපටද ආඩම්බර වන්නට හේතුවකි. අපේ සාඩම්බර අසල්වැසියා ඉන්දියාවය.

ඉන්දියාව නමැති පියුම් විලේ  සුවඳ හමන නෙළුම් පුෂ්පයන් මෙන්ම අප්‍රියජනක දිය ගෙම්බන්ද වාසය කරන බව හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස වරක් කීවේය. ඔහු එසේ කීවේ හිටපු ජනාධිපති රජිව් ගාන්ධි ඉලක්කකොටය.

අසල්වැසියන්ගේ සුනඛයා අපේ ගෙමිදුලේ කැත කරනවා නම් අපිට බලා සිටිය නොහැකි බව හෙතෙම  පැවැසීය. ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී එසේ ප්‍රකාශ කළේ ඉන්දියාව යාපනයට පරිප්පු දැමූ අවස්ථාවේදීය.

ඒ අවස්ථාවේදී එසේ ප්‍රකාශ කළත් ඉන්දියාව හඳට ගිය විට ඉන්දියාව සමඟ වසර දහස් ගණනක ඥාති සම්බන්ධයක් ඇති බව පවසමින් අපිත් කමිස කොලරය උස්්සා ගතිමු. ශ්‍රී ලාංකිකයාගේ හැටි එහෙමය.  චන්ද්‍රයාන් – 1, 2, 3, වැඩසටහන් තුන සඳහාම ඉන්දියාව වැය කර තිබුණේ ඩොලර් මිලියන 263ක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුතා චිචී අභ්‍යවකාශයට රොකට්ටුවක් යවන බව පවසා ඩොලර් මිලියන 320ක් වියදම් කළ බවත් චිචීගේ රොකට්ටුවට සිදු වූයේ කුමක්ද යන්න අද පවා කිසිවකු නොදන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී පැවැසීය. කැබිනට් මණ්ඩල සාමාජිකයෙක් වූ සුසිල් ප්‍රේම්ජයන්ත් පාර්ලිමේන්තුවේදී පැවැසුවේ එය ප්‍රබන්ධ කතාවක් බවය. කතාව ප්‍රබන්ධයක් වුණාට ගිය වියදම නම් බොහෝ සැරය.

ඉන්දියාවේ චන්ද්‍රයාන් – 3 ලබාගත් ජයග්‍රහණය සංකීර්ණ අභ්‍යවකාශ පියසැරි මෙහෙයුම අතර ඉතා වැදගත් කරුණක් විදහා දැක්වීය. බිලියන 3 ජනගහනය ඇති ඉන්දියාවේ ඇතැමුන් කුසගින්නේ පසුවන බව සත්‍යයක් විය හැකිය. එහෙත් මිනිසුන් රට වෙනුවෙන් එකාවන්ව පෙළ ගස්වන්නට තමන්ට හැකි බව ඉන්දියාව ඔප්පු කර තිබේ. අතිමහත් කුසගින්නේ සිට නමුත් ජාතියක් ලෙස විජයග්‍රහණ අත්කර ගැනීමට මිනිසුන්ගේ පවතින කැමැත්ත ඉන්දියාව සනාථ කර  තිබේ. නවදිල්ලි නගරයේ මිනිසුන් හිඟමන් ඉල්ලද්දී ඉන්දියාව රොකට් යවනවා යැයි ආඩපාළි පැවැසීමට යමකු උත්සාහ කරනවා නම් එයින් ගම්‍ය වන්නේ එසේ උත්සාහ කරන තැනැත්තාගේ අමනෝඥ භාවයයි.

චනද්‍රයාන් ලෑන්ඩරය දැන් සඳ මත තිබීමේ විස්මය නම්,  චන්ද්‍රයාන් 2 චන්ද්‍රයාගේ පෘෂ්ඨයට කිලෝමීටර් 2.1ක් ඉහළින් සිටියදී ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය සමඟ සම්බන්ධතා නැති වීමය. එම කනගාටුදායක අත්දැකීමේ සියලුම දත්ත ඔවුන් විසින් ඉතා ගැඹුරින් අධ්‍යයනය කර තිබේ. අකාලයේ අභාවයට පත්වීමට ඇති හේතු එකිනෙක නිවැරදිව ගණනය කර තිබේ. චන්ද්‍රයාන් – 3 ලෑන්ඩරය බිහි කිරීම සඳහා උප පද්ධති 21ක් වෙනස් කරන ලදී. එක් සංචරකයක් ක්‍රියාත්මක නොවූයේ නම් තවත් එකක් විසින් එය භාරගන්නා පරිදි සැලසුම් කර තිබී ඇත. සැබැවින්ම එය ඇදහිය නොහැකි තරම් විස්මිත සංකීර්ණ ක්‍රියාවලියකි.

චන්ද්‍රයාන් තුන ජයග්‍රහණය සමස්ත ඉන්දියානුවන්ගේ ජයග්‍රහණයකි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ එය සමස්ත ලෝකවාසීන්ගේ ජයග්‍රහණයක් බවය.

ශ්‍රී ලංකාවට අභ්‍යවකාශ වැඩසටහනක් නැත්තේ අපේ දුප්පත්කම නිසාම, හිඟනකම නිසාම නොවේ. අප ජාතියක් ලෙස එක්සත්ව නැති නිසාය. ජාතීන් ලෙස කුලල් කා ගන්නා නිසාය. ඉන්දියාව බොහෝ ජාතීන්ගේ සහ  ආගම්වල ජාත භූමිය වන්නේය. එහි ඉතිහාසය ශතවර්ෂ ගණනාවක් අෑතට දිවේ. නමුත්  ඔවුහු  අවසාන විග්‍රහයේදී අන් කවරකු හෝ නොවේ ඉන්දියානුවෝය.

චන්ද්‍රයාන් – 3 අභ්‍යවකාශයට රැගෙන ගිය වික්‍රම් ලෑන්ඩරය අභ්‍යවකාශගත වූ මොහොතේ සිට සමස්ත ඉන්දීය ජනතාව ස්වකීය ආගමික ස්ථානවල සිට පුද පූජා පවත්වමින් තමන් අදහන දෙවිවරුන්ගෙන් ඉල්ලා සිටියේ චන්ද්‍රයාන් තුන සාර්ථක කර දෙන ලෙසය. අසීමිත දයාව, ප්‍රේමය සහ ආදරය එකසේ භූක්තිවිඳින ඉන්දියානුවාට සමකළ හැකි ලෝකයේ වෙනත් ජනතාවක් නැත.

මේ සියල්ල මෙසේ සිදු වන්නේද ඉන්දියාවේ නොයෙක් ප්‍රාන්තයන්හි දේශපාලන අරගල ත්‍රස්තවාදී ක්‍රියා සිදුවෙමින් පවතිද්දීය. මනිපූර් ප්‍රාන්තයේ හටගත් ජාතිවාදී අරගල නිවා දමන්නට තවමත් නොහැකි වී තිබේ. නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සහ රාහුල් ගාන්ධිගේ ඉන්දීය කොංග්‍රසය අතර ගැටුම් කවර ආකාරයකින් හෝ චන්ද්‍රයාන් ජයග්‍රහණය ලඝු කරන්නට ඉන්දීය ජනතාව යොදා ගත්තේ නැත. ශ්‍රී ලංකාවාසීන් අසල්වැසියාගෙන් උගත යුතු හොඳම පාඩම එයයි.

ඉන්දියාව ආටෙමිස් ගිවිසුමේ සාමාජිකයෙකි. 2025දී මිනිසුන් සඳ මත පදිංචි කරවන්නටත් ඉන් අනතුරුව සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහයන් කරා මානව අභ්‍යවකාශ ගවේෂණය ව්‍යාප්ත කරන්නටත් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ අභ්‍යවකාශ ගවේෂණයන්හි යෙදෙන රාජ්‍යයන්ගේ සම්මුතිගත වැඩසටහන ආටිමෙස් නමින් හැඳින්වේ. ඉන්දියාව ආර්ටිමිස් සාමාජිකයෙකි. ඉන්දියාව සඳ මත ගොඩබැසීම සඳහා මේ සතියේ රුසියාව සමඟ තරගයක නිරත වූයේ නැත. ඉන්දියාව පවසන අන්දමට අගෝස්තු 19 වැනිදා රුසියාවේ ලූනා – 25 අසාර්ථක වීම ඉන්දියාව ලද ජයග්‍රහණයක් නොවේ. ආර්ටිමිස් රටවල අභ්‍යවකාශ වැඩසටහනට සහාය වීම සඳහා ඉන්දියාව සුදුසුකම් සපුරා ගැනීමකි. අභ්‍යවකාශ වැඩසටහන් සිදු කරන ලෝකයේ අනෙකුත් රටවල් හා සසඳන කල ඉන්දියාව දැන් අන්තර් ග්‍රහලෝක අභ්‍යවකාශ යානා මෙහෙයවීමේ හැකියාව හා ශක්තිය සහිත ප්‍රමුඛ රාජ්‍යයකි සහ ඉන්දියාව මේ සියලු ජයග්‍රහණ අත්පත් කර ගන්නේ ඉන්දීය රාජ්‍ය තුළ වෙසෙන සියලු ජනයාගේ ආශීර්වාදයෙන්ය.

ඉන්දියාව එසේ ජයකෙහෙළි නංවද්දී ශ්‍රී ලංකාවේ නරුම දේශපාලකයෝ නැවත බලයට පැමිණීම සඳහා ජාතිවාදී ගිනිදැල් ඇවිළවීමට කැසකවමින් සිටිති. කුරුන්දි විහාරය අල්ලාගෙන බෞද්ධ සහ හින්දු අන්තවාදීන් නැවතත් මහා විනාශයක් සිදු කිරීමට අරඅඳිමින් සිටින බව පෙනේ.

කෝටි ප්‍රකෝටි ගණන් මහජන මුදල් සොරකම් කොට රට බංකොලොත් භාවයට,  අගාධයට ඇද දමා දේශපාලනයෙන් කුජීත වී ගිය බලවේග නැවතත් කරළියට ගෙන ඒම සඳහා සිදුකරන මෙම කුමන්ත්‍රණ ජනතාව විසින් දැනුවත්ව පරාජය කළ යුතුය. ජාතිවාදයට නැවතත් මේ රටේ කිසිදු ඉඩක් ලබාදිය යුතු නැත. ජාතිවාදය නිසා අප තරම් විනාශය අත්කරගත් ජාතියක් ලොව නැත.

බෞද්ධ වේවා,  හින්දු වේවා, මේ රටේ පුරාවිද්‍යාත්මක උරුමයන් පවතී නම් එම ස්මාරකවල ආරක්ෂාව සහ මතු උපදින පරම්පරාවන් සඳහා ඒවා සුරක්ෂිතව පවත්වා ගැනීමේ වගකීම ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටය.

එය 1940 අංක 9 දරන පුරාවිද්‍යා පනතෙහි ඉතා පැහැදිලිව දක්වා තිබේ. වර්තමාන බෞද්ධාගමික පූජ්‍ය පක්ෂයට හෝ හින්දු ආගමික පූජ්‍ය පක්ෂයට ඊට උරුමකම් කීමට කිසිදු අයිතියක් නැත. පුරාවස්තු වනාහි ජාතික උරුමයන්ය. බල ලෝභී  දේශපාලකයන්ගේ අවස්ථාවාදී කුමන්ත්‍රණ සඳහා පුරාවිද්‍යා රක්ෂිත යොදාගැනීමට කිසිසේත් ඉඩ නොදිය යුතුය. පුරාවිද්‍යා ආඥාපනත යටතේ ක්‍රියාකිරීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය බැඳී සිටී.

ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට තමන් කැමැති ආගමක් ඇදහීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ලබාදී තිබේ. ආගම ඇදහීම අහවල් පුරාවිද්‍යා ස්මාරකය මත සිදුකළ යුතු යැයි ව්‍යවස්ථාවේ සඳහන්ව නැත. ආගම අදහන්නන්ට ඕනෑතරම් ආගමික ස්ථාන, කෝවිල් දැනටමත් ලංකාවේ තිබේ. වසර දහස් ගණනක් පැරණි ස්මාරක හමු වූ විට ඒවාට කඩාපැන අයිතිවාසිකම් කීමට කිසිවකුට ඉඩ දිය යුතු නැත. ඒවා අයිති අපට නොව අනාගත පරම්පරාවටය. අපට පැවැරී තිබෙන වගකීම වන්නේ ඒවා මතු පරම්පරාවන් උදෙසා ආරක්ෂාකොට තහවුරුකොට පවත්වා ගැනීම පමණි.

දේශපාලන වශයෙන් කුජීත වී, නන්නත්තාර වී ගිය පිරිස් කුරුන්දි පුරාණ ආගමික සංකීර්ණයේ එල්ලී ජාතිවාදී ගිනි අවුළවන්නට උත්සාහ කරනවා නම් ඒවාට හසු නොවන්නට රටේ පුරවැසියන් වගබලා ගත යුතුය. ජාතිවාදී ගැටුම්වලට මැදිවී මේ රටේ ජනතාව ඕනෑවටත් වඩා ලේ සහ ක¾දුළු වගුරා තිබේ. ඒ

දුෂ්ට ඉතිහාසය නැවතත් ප්‍රතිනිර්මාණය විය යුතු නැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරන්නේත් ඊනියා බෞද්ධ බලවේග කුරුන්දි විහාරය ගැන කතා කරන්නේත් ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙනය.

ජනතාව මේ නපුරු කෝච්චියට බෙල්ල තැබිය යුතු නැත. ඉන්දියාව චන්ද්‍රයාන් අභ්‍යවකාශ යානය සඳ වෙත යැව්වේ විවිධ ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරී බලවේග අවස්ථා ගණනාවකදී ඉන්දියාව තුළ බෝම්බ පුපුරවා හැරීම සිදු කර තිබියදීය. ඒ සෑම ත්‍රස්ත ක්‍රියාවක්ම නිසි ලෙස විමර්ශනය කර ඒවා පිටුපස සිටි බලවේග හ¾දුනාගෙන දඬුවම් කිරීමට ඉන්දියාව සමත් විය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් වූ බව ප්‍රකාශ කරන උදවිය අද දක්වා ඒ පිළිබඳ නිසි විමර්ශන සිදු කළේ නැත. අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පැවැසූ පරිදි එම කුමන්ත්‍රණය තවමත් පවතින්නේ කාපට් එක යටය. ශ්‍රී ලංකාවේ සිදුවන දේශපාලන කුමන්ත්‍රණ පිළිබඳව නිසි විමර්ශන සිදු නොවන්නේ එවැනි  කුමන්ත්‍රණ නැවත නැවතත් සිදු කිරීමට බලවත් දේශපාලන කල්ලි අදහස් කරගෙන සිටින නිසාය. ඉතිහාසයේ එකම දෙය එකම ආකාරයට දෙවරක් සිදුවන්නේ නැත. දෙවැනි අවස්ථාවේදී එය විගඩමක ස්වරූපය ගන්නවා යැයි කීමක් තිබේ. මේ මොහොතේ ඒ විගඩම සිදු කිරීමට අර අඳිමින් සිටින බව අපට දැනෙන නිසා ප්‍රවේශමෙන්, අවධානයෙන් සිටින ලෙස අපි ජනතාවට අවධාරණය කරමු.

උදේනි සමන් කුමාර / www.mawbima.lk

Tags: chandrayanindiakurundi viharayapoliticssrilanka
Previous Post

“ලංකාව හදපු සුපිරි ත්‍රීවිල් එක එලියට” වේගා හදුන්වා දුන් වැඩ කිඩ මෙන්න!

Next Post

“මහ බැංකුවෙන් නියෝගයක්” නව බැංකු පොලී අනුපාත මෙන්න!

CMBNEWS

CMBNEWS

Next Post
“මහ බැංකුවෙන් නියෝගයක්” නව බැංකු පොලී අනුපාත මෙන්න!

"මහ බැංකුවෙන් නියෝගයක්" නව බැංකු පොලී අනුපාත මෙන්න!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

March 2, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (752)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.