විදේශ රටවල දේශපාලනික වෙනස්වීීම් පිළිබඳ මෙන් ම ඉතිහාසයේ ගමන් මග දාර්ශනිකව විග්‍රහ කරන බව පෙන් වූ පාඨලී චම්පික රණවක මේ වනවිට එදා වේල දේශපාලන කතා දක්වා පසු බැස ඇති බව සනාථ කරමින් සිටී.
43 සේනාංකය පිහිටුවා ගනිමින් විද්වත් දේශපාන සාකච්ඡාවකට මුල පිරූ ඔහු මෙතරම් බංකොලොත් තත්වයකට වැටීම පිළිබඳව විශ්ලේශකයන්ගේ විශේෂ අවධානය යොමු වී ඇත. මෑතක් වනතුරුම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ එක් වීමට මාන බැලු චම්පික සිය ඉල්ලීම් සහ වරප්‍රසාද නොලැබීම මත යු ටර්න් ගසා යලි සජිත් පිලටම එකතු විය.
පසුගිය කාලයේම සජිත් විවේචනය කරමින් සිටි ඔහු යලි සජිත් පිලේම ලගින්නට යාමෙන් ඔහුගේ දේශපාලන බංකොලොත් බව සහ දේශපාලන නනිරුවත සුපුරුදු පරිදිම සනාථ කොට අවසන්ය.
මත් කුඩු ජාවාරම මූලික කර ගෙන උපයා ගත් ධනය යොදවා පවත්වාගෙන යන මාධ්‍ය නාලිකාවල ප්‍රධාන අනුග්‍රහය ලබමින් ප්‍රචාරක කටයුතු කරන සමගි ජන බලවේගයේ පාලනයක් යටතේ මත් ද්‍රව්‍ය වසංගතය අවසන් කරන බව ප්‍රකාශ කිරීම ද උපහාසාත්මකව විවේචනය වන මට්ටමටම පත් වී තිබේ.