සමාජය නිවැරදි තීරණයක් නොගෙන ජනප්‍රිය ක්‍රියාදාමයන් වෙත ඇදී ගිය හොත් මුළු ජීවත කාලයම බංකොලොත්භාවයේම සිටිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ බන්දුල චන්ද්‍රසේකර මහතා සම්පාදනය කළ ‘අසූවේ පරපුරෙන් සන්නද්ධව’ දශක හතක දේශපාලන පරිචය, පන්නරය සහ අරගලය කෘතිය කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරුණු අවස්ථාවට පසුගියදා එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙසේද පැවසීය.
සාමාන්‍යයෙන් පුරුද්දක් විදියට මම උදේට ජාත්‍යන්තර ප්‍රවෘත්ති බලනවා. අද මම දැක්කා මේ ලෝකයේ නිදහස් ලිබරල්වාදය, නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ වුණා යැයි විශ්වාස කරන නෙදර්ලන්තයේ ඇමැස්ටර්ඩෑම් නගරයේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය උද්ඝෝෂණය මැඬ පැවැත්වීම සඳහා බුල්ඩෝසර් භාවිත කරන අන්දම. එය වාර්තා කරපු වාර්තාකාරිනිය කිව්වේ මේක ආසියාවේ රටක වුණා නම් බොහෝ තානාපති කාර්යාල මෙයට එරෙහිව නිදහසත්, ප්‍රජාතන්ත්‍රවාදයත් වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරයි කියලා. මේ කාලයේ ශිෂ්‍ය අරගල අමෙරිකා එක්සත් ජනපදයේ, යුරෝපයේ ඉඳන් ජපානය තෙක් ඇවිල්ලා තිබෙනවා.
මට තවම මතකයි මම විශ්වවිද්‍යාලයට යන්න ඉන්න කාලයේ මාව හමුවෙන්න සුවිශේෂී පුද්ගලයෙක් ආවා. ඔහු මට කිවුවා ‘සහෝදරයා, නාකියා අපිට දේශපාලනය කරන්න දෙන්නෙ නැහැ. මොහුට තේරෙන භාෂාවකින් අපි දේශපාලනය පටන් ගන්න ඕනෙ’ කියලා. මොකද්ද තේරෙන භාෂාව වෙන්නේ. ඔහුට එරෙහිව අපි සන්නද්ධව නැඟී සිටින්න ඕනේ කියලා. ඒ පුද්ගලයා පසු කාලීනව ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශයේ නායකයා බවට පත් වුණ සමන් පියසිරි ප්‍රනාන්දු නොහොත් සියලු දෙනා දන්නා කීර්ති විජයබාහු මහතායි. ඔහු ඒ කාලේ හොරණ මුණගම හිටියේ. ඔය හුඟක් දෙනෙක් ඇඩ් එකට කියනවා අපි අනුන්ගෙන් ජීවත් වෙන්නෙ, අනුන් තමයි අපිව බලා ගන්නෙ කියලා.
බංකොලොත් වුණ රටවල් පහසුවෙන් නැඟිටලා නැහැ. ඇතැම් විට සමාජය නිවැරදි තීරණයක් ගත්තෙ නැත්නම් සහ සමාජය ජනප්‍රිය ක්‍රියාදාමයන්ට ඇදිලා ගියොත් අපේ මේ මුළු ජීවත කාලයම බංකොලොත්භාවයේ ජීවත් වෙන්න වෙයි.
නෙත්මි පූජනී රත්නායක