චාමර වීරසිංහ කලාකරුවාට ඉක්මන් සුවය පතා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් බෝධිපූජා පිංකමක් පවත්වා තිබෙනවා.
මෙය ඉබරාකි නගරයේ සකුරගවා විහාරස්ථානයේදී පවත්වා තිබෙන අතර, මෙම අවස්ථාවට පූජ්‍ය මාවරලේ භද්දිය හිමි ඇතුළුව ස්වාමීන්වහන්සේලා කිහිප නමක්ම සහභාගි වී තිබෙනවා.
චාමර වීරසිංහ මහතාද වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ සජීවිව මෙම අවස්ථාවට සම්බන්ධ වී තිබේ.
මෙහිදී මාවරලේ භද්දිය හිමි සජීවීව බෝධි පූජාව හා සම්බන්ධවී සිටින චාමර වීරසිංහට පවසා තිබෙන්නේ, ලංකාවෙම මිනිස්සු ආශිර්වාද කළත්, එය ප්‍රමාණවත් නැති බවයි. තමන්ද නිරෝගීකමට දායක විය යුතු බවයි.
චාමර වීරසිංහට ආශිර්වාද කළ මාවරලේ භද්දිය හිමි,
“චාමර මහත්මයාට ආශිර්වාද කරන ගමන්ම දෙන්නට තියෙන පුංචි අවවාදය තමයි, ඔයා තාම බොහොම තරුණයි, ඔයා ඔයාගේ දරුවා ගැන හිතන්න.
ඔයාගේ දරුවට තාත්ත ඕන. ඒ නිසා ඔයා හැම පැත්තකින්ම පරිස්සම් වෙන්න.
අපි ඔයාට බොහොම කැමතියි. බොහොම හිතවත්.
නමුත් මේ නිරෝගීකම කියන එක ප්‍රාර්ථනා වලින්ම ලැබෙන්නේ නැහැ.
අපි ප්‍රාර්ථනා කරනවා, අපි ඔයාට ආශිර්වාද කරනවා. ඔක්කොම කරනවා, ලංකාවෙම බහුතරයක් මිනිස්සු ආශිර්වාද කළා. හැබැයි අපි ඉල්ලන්නේ තමන්ද මේ නිරෝගීකමට දායක වෙන්න කියලා”
යනුවෙන් උන් වහන්සේ පවසා තිබේ.
හඳවතේ ගායකයා ලෙසින් ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට හදබැඳි ගී රැසක් ගැයූ ජනප්‍රිය ගායන ශිල්පි චාමර වීරසිංහ හදිසියේ ඇති වූ ශ්වසන අපහසුතාවක් හේතුවෙන් ඉකුත් වසරේ දෙසැම්බර් මසදී කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබීය.
පසුව ක්‍රමක්ක්‍රමයෙන් සුවය ලැබූ ඔහු මේ වනවිට රෝහලෙන් පිටව ගොස් නිවසට වී විවේකී සුවයෙන් පසුවෙයි.



