විදුලි බල සැපයුමේ විශ්වාසනීයත්වය වැඩි දියුණු කිරීමේ සහයක ව්‍යාපෘතියේ අරමුදල් භාවිත කරමින් ව්‍යාපෘති කාර්ය මණ්ඩලය සඳහා ප්‍රසාද දීමනා වශයෙන් රුපියල් මිලියන 245ක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් 2024-03-16 දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙනවා.
චක්‍ර ලේඛනවලට පටහැණිව 2022 ජූලි මස 01 වැනි දින සිට 2023 දෙසැම්බර් 31 දක්වා මෙකී මුදල් ගෙවා ඇති බවද විගණනය මගින් අනාවරණය කර ඇති අතර විදේශ අරමුදල් සහිත ව්‍යාපෘති සඳහා අදාළ චක්‍රලේඛ උපදෙස් දැඩි ලෙස පිළිපැදිය යුතු බවද විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.
විදේශ අරමුදල් සහිත ව්‍යාපෘති 48ක් සඳහා අදාළ චක්‍රලේඛ උපදෙස් දැඩි ලෙස පිලිපැදියට යුතු බවද අනාවරණය කර ඇති අතර මේ පිළිබඳ විදුලිබල සැපයුමේ ව්‍යාපෘතියේ කළමනාකාකරු විසින් විගණනයට සඳහන් කර ඇත්මේ මෙය ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිපත්තියට සහ සියලුම ලංකා විදුලිබල මණ්ඩල සේවකයන්ට අදාළ වාර්තා මාර්ගෝපදේශනයන්ට අදාළව සිදුකොට ඇති බවයි.