රථවාහන පොලිස් නිලධාරියෙකු ඉදිරියේදීම බස් රියදුරෙකු විසින් වෑන් රථ රියදුරෙකුට පා පහරක් එල්ලකරන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ විශාල ලෙස හුවමාරු වූ වුණා.
එම අවස්ථාවේ බස් රථයේ විශාල මගීන් ප්‍රමාණයක් සිටීම හේතුවෙන් ඔහුව තාවකාලිකව මුදාහැර අද දිනයේ පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දුන්නද ඔහු එය ද මගහැර ගොස් තිබෙනවා.
ඒ අනුව සැකකාර බස් රථ රියදුරා පිළියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුරුව ඔහුව කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණු අතර එහිදී සැකකාර රියදුරු රුපියල් ලක්ෂයක ශරීර අප මත මුදාහැරීමට නියෝග කරනු ලැබූ අතර, සැකකාර රියදුරුගේ රියදුරු බලපත්‍රය එම නඩුව අවසන් වනතුරු පොලීසිය භාරයේ තබාගන්න ලෙසට අධිකරණය නියෝග කර තිබෙනවා.
සිය රෝගී දියණිය වෑන් රථයකින් රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ සැකකාර බස් රථ රියදුරු පැදවූ 120 හොරණ කොළඹ බස් රථයට මාර්ගයේ ඉඩ නොදුන්නාට උරණ වී එම බස් රථය වෑන් රථය අනතුරට ලක්කිරීමට උත්සාහ ගෙන තිබූණා.
අනතුරුව එම අවස්ථාවේ මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු අසළ සිය වෑන් රථය නැවතූ එහි රියදුරු ඒ පිළිබඳව පැමිණිලි කරමින් සිටියදී එම ස්ථානයට පැමිණෙන සැකකාර බස් රථ රියදුරු ඔහුට පා පහරක් එල්ලකරන අයුරු ඊට පසුපසින් පැමිණි මෝටර් රථයක කැමරාවක පටිගතව තිබුණා.