ඉන්දියාව ලොකු ලූනු අපනයනය තහනම් කිරීම හේතුවෙන් එරට ලොකු ලූනු තොග මිල සියයට 50 කින් පහත වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසනවා.
මේ අනුව, ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ, ඉන්දීය රුපියල් 39 – 40 අතර වූ ලොකු ලූනු කිලෝ එකක තොග මිල මේ වන විට ඉන්දීය රුපියල් 20 – 21 අතර මිලකට පහත වැටී ඇති බවයි.
ඉන්දීයාව ලබන වසරේ මාර්තු 31 දක්වා ලොකු ලූනු අපනයනය නිල වශයෙන් තහනම් කර ඇතත් එම තහනම මීළඟ ඉන්දීය මහ මැතිවරණය පවත්වන තෙක් ඉවත් නොවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරට