Colombo Tribune
  • මුල් පිටුව
  • පුවත්
    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    “ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    අන්තර්ජාල බද්ද ලැබෙන ඩොලර් ටිකත් නැති කරගන්න වැඩක්!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    ලිස්ට් ජෙප්පන්ගේ තවත් අතේ රෝලක් එළිපිටම පත්තුවෙයි!

    Trending Tags

    • Trump Inauguration
    • United Stated
    • White House
    • Market Stories
    • Election Results
  • විදේශීය

    වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    ට්‍රම්ප් සමඟ සටනට එන නම් ලිස්ට් එක!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    නැවතත් හොල්මන් කරන කුරුලු උණ!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ජනපතිට හූනියම් කළ අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්!

    Trending Tags

    • Nintendo Switch
    • CES 2017
    • Playstation 4 Pro
    • Mark Zuckerberg
  • ක්‍රීඩා
    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    මු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    බංගලි අරගලය : හතුරුසිංහවත් පන්නයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ජයග්‍රහණය පිටුපස සිටි සුපිරි චරිත දෙක සනා හෙලි කරයි!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් වාර්තාවක්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    කාසියේ වාසිය ලංකාවට: මොහොමඩ් ශිරාෂ්ට එක්දින වරම්!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය වෙනස් වෙයි!

  • ගොසිප්
    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    සමාජ මාධ්‍ය කැලඹූ හුරුබුහුටි වෙඩික්කාරිය!

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    පියුමිගෙන් අරන් සුදු කරගත්තද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    සරාගීකම විලාසිතාවක් කරගෙනද?

    මම විකුනලා ඉවරයි අප්පා

    මම විකුනලා ඉවරයි අප්පා

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමි අමාරුවේ.. බෙදුවේ ක‍්‍රීම් පැක් 3,500ක් යයි කුරියර් සමාගම කියයි!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

    පියුමිගේ සුපිරි රිය හමුවූ තැන!

  • English
No Result
View All Result

ADVERTISEMENT
Home පුවත්

අතහැරියොත් ආයෙත් රට කඩා වැටෙන්න පුළුවන්!

CMBNEWS by CMBNEWS
August 19, 2024
in පුවත්
0
අතහැරියොත් ආයෙත් රට කඩා වැටෙන්න පුළුවන්!
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

රට හමුවේ ඇති ආර්ථික අර්බුදය විසඳීමට නම් පක්ෂ බේදයෙන් තොරව අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළකට යා යුතුයි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, Ask Ranil වැඩසටහනට එක්වෙමින්.

කිසිවෙකුට විසඳිය නොහැකි යැයි පැවසු ආර්ථික අර්බුදය විසඳීමට තමන් සමත් වුවත් නිසි ආර්ථික පරිවර්තනයක් සිදු නොකර මෙම වැඩපිළිවෙළ අතරමග නතර කළහොත් යළිත් රටේ ආර්ථිකය කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.

ඒ හේතුවෙන් මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව තම අනාගතය පිළිබඳ සිතා තීන්දුවක් ගතයුතුව ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

පසුගිය වසර 75ක කාලය තුළ සිටි පාලකයන් රටේ දියුණුව වෙනුවෙන් කිසිවක් සිදු කර නොමැති බවට ඇතැම් පාර්ශ්වයන් චෝදනා කරනවා.

එය නිවැරදි නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටට සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ළගාකර ගැනීමට නොහැකි වූයේ දේශීය ආර්ථිකයක් ගැන කථා කරමින් ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ ගෙන ගිය මතවාද නිසා බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

රට හමුවේ ඇති ආර්ථික අර්බුදය විසඳීමට නම් පක්ෂ බේදයෙන් තොරව අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළකට යා යුතු බව ද සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා විශාල කණ්ඩායමක් තමා සමඟ එක්ව සිටින බවත් එබැවින් තමා මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට තීරණය කළ බවත් කියා සිටියා.

ප්‍රශ්නය

ජනාධිපතිතුමනි, මෙවර ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තෝරා ගෙන තිබෙන්නේ ගෑස් සිලින්ඩරය. ඇයි ‘අලියා’ නැතුව ‘ගෑස් සිලින්ඩරයෙන්’ ඉදිරිපත් වන්නේ?

පිළිතුර

මා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසයි. පක්ෂ බේදයෙන් ඉවත් විය යුතු බවට අද විශාල බලපෑමක් තිබෙනවා. ඒ අනුව දේශපාලන වශයෙන් අප අලුතින් සිතිය යුතුයි. කණ්ඩායම් රැසක් සමඟ කටයුතු කළ නිසා ස්වාධීන අපේක්ෂයකයකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මම තීරණය කළා. ස්වාධීන අපේක්ෂකයකුට ඕනෑම සළකුණක් තෝරා ගත හැකියි. මේ අවස්ථාවේදී හොඳම සළකුණ ගෑස් සිලින්ඩරය කියා මම හිතුවා.

ප්‍රශ්නය

ඔබතුමාට රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුලුවන් කියා විශ්වාස කරන පිරිසක් සිටිනවා. හැබැයි රාජපක්ෂවරුන් හා පොදුජන පෙරමුණේ සහාය ලැබීමේ හේතුව මත ඡන්දය දෙන්න මැලිවෙන පිරිසකුත් සිටිනවා. ඒ අයට දෙන පණිවිඩය කුමක්ද?

පිළිතුර

මේ කියන්නේ මොන රාජපක්ෂ ගැනද? රාජපක්ෂ නමින් අපේක්ෂකයන් තුන්දෙනක් සිටිනවා. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ ඉන්නවා, නාමල් රාජපක්ෂ ඉන්නවා, විජයදාස රාජපක්ෂ ඉන්නවා. නමුත් ඒ එක්කෙනෙක්වත් අප සමඟ නැහැ. 2022 ජූලි මාසයට වඩා අද තත්ත්වය හොඳයිද? එසේත් නැත්නම් අද තත්ත්වය ඊට වඩා උග්‍ර වෙලාද? ආණ්ඩුව ගෙන යන්න මට පොහොට්ටුවේ සහයෝගය ලැබුණා. පොහොට්ටුවේ සහයෝගය එපා කියලා, තෙල් නැතුව, පොහොර නැතුව ඉන්න තිබුණා. ඒ ආණ්ඩුවේ වැඩකටයුතු එතනින් ඉවරයි. දැන් මැතිවරණයකට යනවා. ඔවුන් ඔවුන්ගේ මාර්ගයේ යනවා. මම මගේ මාර්ගයේ යනවා. ලංකාවේ රාජපක්ෂලා ලක්ෂ ගණනක් ඉන්නවා. ඉන් සමහර අය මට ඡන්දය ලබා දෙන්න පුලුවන්. කෙසේ නමුත් ජනාධිපතිවරණයේදී එම පක්ෂය තීරණය කර තිබෙනවා පක්ෂයක් ලෙස වෙනම ඉදිරිපත් වීමට. අප ඉදිරිපත් වන්නේ වෙනමයි.

ප්‍රශ්නය

ජනාධිපතිතුමනි, පුල්මුඩේ ඛනිජ වැලි නිධිය, ත්‍රිකුණාමලයේ වරාය, හම්බන්තොට ගුවන් තොටුපොළ වැනි සම්පත් තිබියදී අප මුළු ලෝකයටම ණය කාරයෝ වෙලා. 75 වසරක පාලකයන් මේවායින් නිසි ප්‍රයෝජනක් ගත්තේ නැහැ කියලා විවිධ දේශපාලන පාර්ශ්ව චෝදනා කරනවා

පිළිතුර

75 වසරක් මොනවත් කළේ නැහැ කියන්න බැහැ. ජල විදුලි බලාගාර සියල්ලම හැදුවේ අපි. ගුවන් තොටුපොළවල් හැදුවා. නිදහස් අධ්‍යාපන ක්‍රමය ගෙනාවා. අවුරුදු 75ක් මොකුත් කළේ නැහැ කියලා කොහොමද මේ අය කියන්නේ. බොහෝ අය සිතුවේ දේශීය ආර්ථිකය මතින් පමණක් ඉදිරියට යා හැකියි කියලායි. නමුත් අපි විවෘත විය යුතුයි. බලාපොරොත්තුවන එම සිග්‍ර දියුණුව අපට ලබා ගැනීමට නොහැකි වුණේ මේ රට තුළ පමණක් කටයුතු කළයුතුයි කියා ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ පැවසු නිසයි. කිසිවෙකු එලෙස සාර්ථක වී නැහැ. සිංගප්පූරුව, හොංකොං ඇතුළු සාර්ථකත්වයක් ලබා තිබෙන රටවල් දෙස බැලු විට ඒ බව තහවුරු වෙනවා. ඒ නිසා අප එම රටවල් දෙස බලා කටයුතු කළයුතුයි.

ප්‍රශ්නය

ජනාධිපතිතුමනි ඔබතුමා විවිධ දුෂණ විරෝධි වංචාවන් වැළැක්වීමට නීති හඳුන්වා දුන්නා. නමුත් මෙය තෝරු මොරු ටික බේරිලා පොඩි හාල් මැස්සෝ අහුවෙන නීති පද්ධතියක් බවට ජනතාව අතර මතයක් තිබෙනවා.

පිළිතුර

එහෙම අල්ලගත්ත හාල් මැස්සෝ කවුද කියලා ඔබට නම් කළ හැකිද, මේ ක්‍රමය තුළින් මෝරු නොවෙයි, හාල්මැස්සොත් අල්ලාගෙන එනවා. 2015 අපි බලයට පත් වූ විට මේ පිළිබඳ සොයා බැලීමට කණ්ඩායම් කිහිපයක් පත් කළා. ජනාධිපතිවරයා යටතේ එක් අංශයක් තිබුණා.

ඒ වගේම පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිබුණා. පොලිසියේ තවත් වෙනම ඒකකයක් අපි ඇති කර තිබුණා. අල්ලස් කොමිසම තිබුණා. නීතිපති දෙපාර්තමේන්තුවෙන් දුෂණ විරෝධි ලේකම් කාර්යාලය දාලා තිබුණා.

මේ සියල්ල පත් කරලත් ඇතැම් ස්ථානවල නීතිමය ප්‍රශ්න ඇති වුණා. ඒ නිසයි අප මේ නව ක්‍රමවේදය ගෙනැවිත් තිබෙන්නේ. ඇතැම් අය අයුතු ලෙස ආදායම් උපයා ගත්තානම් එයට විරුදධව කටයුතු කරනවා.එම කටයුතු සඳහා අවශ්‍ය පිරිස් පුහුණු කිරීමද අවශ්‍යව තිබෙනවා.

ප්‍රශ්නය

කෘත්‍රිම බුද්ධිය විවිධ ක්ෂේත්‍රයන් තුළ ජනප්‍රිය වෙමින් පවතිනවා. ඒ අනුව කෘත්‍රිම බුද්ධිය අනාගත දේශපානලනයට සහ ආර්ථිකයට මොන වගේ බලපෑමක් සිදු කරයි.

පිළිතුර

කෘත්‍රිම බුද්ධිය අප සමාජයේ මෙන්ම ආර්ථිකයට යොදවන්නේ කෙසේද යන්න පිළිබඳ අප සාකච්ඡා කළ යුතුයි. එය අන්තර්ජාතික ආයුධයක් බවට පත් විය හැකියි. තවමත් ලෝකයේ රටවල් මේ පිළිබඳව සාකච්ඡා කරමින් පවතිනවා. ඒ වගේම මේ පිළිබඳව නීති සකස් කරමින් තිබෙනවා. ඉදිරි දශකයේදි සාකච්ඡා කිරීමට ඇත්තේ මේ පිළිබඳවයි. කෘත්‍රිම බුද්ධියෙන් අපට ඇති වෙන්නත්, නැති වෙන්නත් පුළුවන්. එහිදී කෘත්‍රිම බුද්ධියෙන් ලබා ගත හැකි ප්‍රයෝජන මොනවාද යන්නත් එය පාලනය කළ හැකි වන්නේ කෙසේද යන්නත් ඇතුළත් නීතිමය රාමුවක් සකස් කර ගැනීමට අපට තවමත් නොහැකි වී තිබෙනවා. එය ඒ තරම් නවීන සංකල්පයක් බව කිවයුතුයි. කාලයත් සමඟ මේ සියලු දේ සිදු වනු ඇතියි. කෙසේ නමුත් කෘත්‍රිම බුද්ධිය අවශ්‍ය බව මා පිළිගන්නවා. නමුත් එහි පාලනයක් ද තිබිය යුතුයි.

ප්‍රශ්නය

රාජ්‍ය සේවය කාර්යක්ෂම සේවයක් බවට පත් කිරීමට ඔබතුමාගේ සැලසුම් මොනවාද?

පිළිතුර

වසර 10ක කාලයක් තුළ ඒ සඳහා පියවර ගණනාවක් ගැනීමට තිබෙනවා. රාජ්‍ය සේවයේ ලක්ෂ ගණනක අතිරික්තියක් සිටිනවා. නමුත් ඔවුන්ට ගෙදර යන්න කිව්වොත් සිදු වන්නේ කුමක්ද? මොකද ඔවුන්ට වෙනත් ආදායම් මාර්ග නැහැ. ඔවුන් පාරට බැහැලා බංග්ලාදේශය වගේ ක්‍රියා කරයි. ඒ නිසා කෙසේ හෝ මේ අයත් සමඟම කටයුතු කළ යුතු වෙනවා. ඔවුන්ගේ වැටුප් ඔවුන් වියදම් කරනවා මිස ලාච්චුවේ දමා තියා ගන්නේ නැහැ. එවිට ඒ මුදල් මේ රටේ ආර්ථිකයට එකතු වෙනවා. මම හිතන්නේ ඔවුන්ගේ අනාගතය අනතුරේ නොදමා ඔවුන් සමඟම මේ කාරණය සිදු කරන්නේ කොහොමද කියා අප සිතිය යුතුයි.

අපේ අවධානය රාජ්‍ය සේවය නවීන රාජ්‍ය සේවයක් කිරීම පිළිබඳවයි. බිම් මට්ටමේත් විශාල සංඛ්‍යාවක් සිටිනවා. ඔවුන්ට නව වැඩසටහන් ලබා දිය යුතු වෙනවා. නමුත් ගංවතුර වැනි හදිසි අවස්ථාවන්හිදී රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළින්ම දක්නට ලැබෙනවා. ඒ අනුව රාජ්‍ය සේවයේ සාර්ථකත්වය සහ දුර්වල බව කියන දෙකම තිබෙන බව අවබෝධ කරගත යුතුයි.

ප්‍රශ්නය

අවසන් වශයෙන් මේ රටේ ජනතාවට ඔබතුමා දෙන පණිවිඩය කුමක්ද?

පිළිතුර

මම මේ රට බාර ගත්තේ කිසිවෙකුත් එය බාර නොගත් අවස්ථාවකයි. හැමදෙනාම කිව්වේ ආර්ථික ප්‍රශ්නය විසඳන්න බැහැ කියලයි. නමුත් අප අද ආර්ථික ප්‍රශ්නය විසඳමින් රට ස්ථාවර මට්ටමකට ගෙනවිත් තිබෙනවා. මේ ගමන මෙතැනින් අවසන් කරන්න බැහැ. මේ රටේ ආර්ථිකය නව පරිවර්තනයකට ලක් කළ යුතුයි. අප අපනයන ආර්ථිකයක් බවට පත් විය යුතුයි. අප එතැනට නොගියහොත් රට යළි කඩා වැටෙනවා. එම නිසා මා ජනතාවට කියන්නේ ඔබේ ඉදිරි වසර කිහිපය ගැන සිතා තීරණය ගන්නා ලෙසයි. මා තරුණයන්ට පවසන්නේ ඉදිරි වසර 20 ගැන සිතා තීරණය ගන්නා ලෙසයි.

Previous Post

සංස්කෘතිය සහ ආගම දහම ආරක්ෂා කරනවා!

Next Post

සජිත්ගේ සෞඛ්‍ය සමුළුව කොටඋඩ!

CMBNEWS

CMBNEWS

Next Post
සජිත්ගේ සෞඛ්‍ය සමුළුව කොටඋඩ!

සජිත්ගේ සෞඛ්‍ය සමුළුව කොටඋඩ!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

I agree to the Terms & Conditions and Privacy Policy.

Recent News

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු තනතුරක්!

May 15, 2025
කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

කට නිසා නාගත් ඇමති බිමල්ට ප්‍රමිතගෙන් යස පාඩමක්!

March 27, 2025
Colombo Tribune

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • All (43)
  • ක්‍රීඩා (64)
  • ගොසිප් (75)
  • පුවත් (753)
  • විදේශීය (29)
  • ව්‍යාපාරික (14)

Recent News

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

“ලියාපදිංචි නොකල හදවත් එන්නත්” – තවත් භයානක ඖෂධ මගඩියක්!

July 7, 2025
විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි!

May 16, 2025
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2023 Colombo Tribune. All Right Reserved.

No Result
View All Result

© 2023 Colombo Tribune. All Right Reserved.

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.