වෛද්‍යවරයෙකු වසර දහයක කාලයක් රටට අනිවාර්යෙන් සේවය කළ යුතු බවට නීති සම්පාදනය කළ යුතු යැයි රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය අකුරටියේ නන්ද හිමියෝ සඳහන් කරති. එසේ නොකර හොරෙන් රට අතහැර යන වෛද්‍යවරුන් අත්අඩංගුවට ගත යුතු බවද හිමියන් සඳහන් කළහ.
වෛද්‍යවරයෙකු බිහිකිරීම සඳහා ජනතා බදු මුදලින් රුපියල් මිලියන 30-40ක් අතර මුදලක් වියදම් වන බවද උන්වහන්සේ පෙන්වා දෙති. ඉන්පසු තමා හා දරු පවුලේ සුඛ විහරණය සඳහා ඔවුන් රට අතහැර යන බවටද නන්ද හිමියෝ චෝදනා කලහ. මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.