නැවත වතාවක් ජන අරගලයක් ඇති කිරීම සඳහා කටයුතු කරන බව ජන අරගල සන්ධානයේ නියෝජිත වසන්ත මුදලිගේ පවසයි.
මර්ධනකාරී පාලනයට එරෙහිව මතවාදීමය වශයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා තමන් කටයුතු කරන බවත් අවශ්‍ය ස්ථාන වලදී ඒ වෙනුවෙන් අරගල සිදු කරමින් ඒ සඳහා අවශ්‍ය නායකත්වය ලබා දීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.
පෙරටුගාමී සමාජ වාදී පක්ෂය ප්‍රමුඛ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව වාම වාදී දේශපාලන මතධාරාව පෝෂණය කරමින් ජන අරගල සන්ධානය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්හ කරන ලද්දේ ඒ වෙනුවෙන් බවද ඔහු මෙහිදී සඳහන් කර ඇත.