ජනතා විමුක්ති පෙරමුණට මුදල් ලබා දෙන බවට පසුගිය යහපාලන ආන්ඩු සමයේ එකල ආන්ඩුවේ අමාත්‍යවරකු සහ එක්සත් ජාතික පක්ශයේ සභාපති තනතුර හෙබවූ මලික් සමරවික්‍රම මහතාට චෝදනා එල්ල වූවා ඔබට මතක ඇති.
එම සබදතා තව දුරටත් අලුත් කරමින් ජවිපෙ නායක සහ මාලිමා ජනාධිපති අපේක්ශක අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී මලික් සමරවීර මහතා හමුවී ඇත. ඔවුන් දෙදෙනා අතර පැය 2කට අධික කාලයක සාකච්ඡාවකින් පසුව දිසානායක මහතා දළදා මාලිගාව සහ මහ නාහිමිවරුන් හමුවක් සදහා පිටත්ව ගොස් තිබෙනවා.
අප වාර්තාකරු පවසන අකාරයට මලික් අනුර හමුවේ සාකච්ඡා කල දෑ සම්බන්දව වාර්තා නොවන අතර එය දේශපාලනික හමුවක්ද නැතිනම් පෞද්ගලික මට්ටමේ හමුවකද යන්න පිලිබදව දේශපාලන කරලියේ කුකුසක් ඇතිව තිබෙනවා.