ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න කෘෂිකර්මය සම්බන්ධව කතා කරද්දී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඉන්දීය අමුල් සමාගමේ කිරි බොමින් සිටින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර පැවැසීය. පශු සම්පත් මණ්ඩලය සතු අක්කර 28,802ක් ඉන්දියානු අමුල් සමාගමකට දීමේ සූදානමක් තිබෙන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකත් පැවැසූ නමුත් මේ වනවිට ඔහු අමුල් සමාගමේ කිරි බොමින් එම සමාගමට ආවඩන බවට නලින් බණ්ඩාර මහතා චෝදනා කළේය. එවක සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අස්සන් කරන
අවස්ථාවේ සහ පෞද්ගලික විශ්වවිද්‍යාල හදන අවස්ථාවේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස විරුද්ධ වූ බවත් රටට ගෙනෙන විදේශීය ආයෝජනවලටත් ඔවුන් විරුද්ධ වූ බව ඔහු කීය. මේ අනුව ජනතා විමුක්ති පෙරමුණේ දෙබිඩි පිළිවෙත ගැන ජනතාව අවබෝධ කරගත යුතු බවත් ඔවුන් ඉන්දියාවේදී එක ප්‍රතිපත්තියක් සහ ලංකාවේදී තවත් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.