ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් රුපියල් කෝටි පනහක වන්දි මුදලක් ඉල්ලමින් හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩු පවරා තිබේ.
ඊට අද අදාළ නඩු කටයුත්ත වෙනුවෙන් අධිකරණය හමුවේ අනුර දිසානායක මහතා අද පෙනී සිටියේය.
2017 වසරේදී තංගල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් සිදුකළ ප්‍රකාශයකින් තමන්ට අපහාස සිදුවී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
තම උපාධි ලේඛනය ඇතුළු ලේඛන දහයක් අධිකරණය ඉදිරිපත් කරමින් අනුර දිසානායක මහතා සඳහන් කළේ තමන් සමාජයේ කීර්තියක් උසුලන පුද්ගලයෙකු බවත් එනිසා තමන්ට සිදුකළ අපහාසයට වන්දි අය කර දෙන ලෙසත්ය.