ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපය ඇතුළත් කර රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටුවක් නිර්මාණය කර එය අන්තර්ජාලයට මුදාහැරිය බව කියන පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (04දා) අත්අඩංගුවට ගෙන ඇත.
වර්තමාන රජය අලුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කරන බවට මහජනයා තුළ වැරදි වැටහීමක් ඇති කිරීම සඳහා සැකකරු මේ ආකාරයට මුදල් නෝට්ටුවක් නිර්මාණය කර එය අන්තර්ජාලයට මුදාහැර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ විමර්ශනවලදී මෙම සැකකරු කඩුවෙල කොරතොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
පෞද්ගලික ආයතනයක සේවය කරන මෙම සැකකරු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන අතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු
දිවයින පුවත් වාර්තාව 👉👉👉 https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%ab-%e0%b6%ba%e0%b7%9c%e0%b6%af%e0%b7%8f-%e0%b6%bb%e0%b7%94-5000-%e0%b6%b1%e0%b7%9d%e0%b6%a7/