මුකේෂ් අම්බානි කියන්නෙ කොහොමත් ලෝකයේම කතාබහට ලක්වන ධනවතුන් අතරින් කෙනෙක්.
එහෙම කතාබහට ලක්වන ඔහු ගැනත් ඔහුගේ පවුල ගැනත් පහුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වෙන්න ගත්තා.
ඒ ඔබ දැනටමත් දන්නා පරිදි මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයාගේ ලෝකයක් අවදානය යොමුකළ රජ මඟුල නිසාවෙන්.
මඟුල කිව්වට ඒක මඟුලම නෙවෙයි !

ඒ තිබුණෙ වෙඩිමට පෙර ගත්තු උත්සවයක්. එහෙමත් නැත්නම් pre-wedding celebration.
මේ ගැන අපි ඔබට තොරතුරු රැසක් අරන් ආවා මතක ඇති.
අම්බානෙකට වියදම් කරපු අම්බානි පුතුගේ රජ මඟුල
ඔන්න එහෙම මඟුල් කෑව අනන්ට් අම්බානි – රාධිකා මර්චන්ට් නුදුරේදීම අති උත්කර්ෂවත් අන්දමින් විවාහ වෙන්නයි යන්නෙ.

අනන්ට් – රාධිකා ගෙවුණු වසරේ (2023) ජනවාරියේදීයි සාම්ප්‍රදායික විවාහ උත්සවයකින් සිය විවාහ ගිවිස ගැනීම සිදුකළේ.
පස්සෙ සංවිධානය වුණු ලොවක් අවධානය යොමුකළ තෙදින පෙර-විවාහ උත්සවය ලොව සුපිරිම ධනවතුන් එකට එක්කාසු කළ මොහොතක් බවට පත්වුණා.
එතකොට එහි මීළඟ ජවනිකාව වන විවාහ මංගල උත්සවය ජුලි 12 වැනිදා පැවැත්වීමට නියමිත බවයි ආරංචිය. (ඇතැම් බොලිවුඩ් ආරංචිවලට අනුව නම් විවාහ මංගල උත්සවය පැවැත්වෙන නිශ්චිත දිනය තවමත් තහවුරු කරලා නෑ…)
පෙර-විවාහ උත්සවය ඔහොම නම් ”විවාහ මංගල උත්සවය” කොහොම එකක් වේවිද !!
එක පාරටම හිතුණා නේද එහෙම…
දැනට පළවන වාර්තාවන්ට අනුව ජුලි 12 පැවැත්වීමට නියමිත බව කියන විවාහ මංගල උත්සවය ලන්ඩනයේ පැවැත්වීමටයි සූදානම.
ඒ වෙනුවෙන් බොලිවුඩයේ ප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළු සියලුම අමුත්තන්ට දැනටමත් ආරාධනා කර ඇති බව සඳහන්. අදාළ මංගල ඇරයුම් පත පිටු කිහිපයක ආරාධනා පත්‍රයක් බවත් සඳහන්.
එතකොට සංගීත් උත්සවය ඩුබායිහිදී සිදුවනු ඇති බවයි කියවෙන්නේ.

මේ අතර ගෙවුණු දිනයක රාධිකා මර්චන්ට් සහ අනන්ට් අම්බානිගේ විවාහ මංගල්‍යයට පෙර, ජාන්වි කපූර් සහ මනාලියගේ යෙහෙලියන් එකතුව bride-to-be සාදයක් ද සංවිධානය කරලා තිබුණා.
එය නම්කරලා තිබුණෙ “Princess Diaries royal slumber party” යනුවෙන්.
