නුවරඑළිය කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛ පළාත වූවත් පශු වෛද්‍යවරු හිගය පසුසම්පත් ක්ෂේත්‍රයට දැඩි අභියෝගයක් වී ඇති බව නුවරඑළිය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුවේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා කියයි .
ඔහු ඒ බව කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ නුවරඑළිය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවේදීය .
එහිදී නුවරඑළිය දිස්ත්‍රීක්කයේ සංවර්ධන කටයුතු සහ ගැටලු සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වු අතර, එහිදී කිරි නිෂ්පාදනයේ ගැටලු සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛස්ථානය ගෙන කටයුතු කරන මධ්‍යම පළාත මෙන්ම නුවරඑළිය දිස්ත්‍රීක්කය මේ වන විට පශූ වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් අභියෝගයකට මුහුණ දී ඇති බවයි.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුව ඔස්සේ ගරු ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් සිදුකරමින් ඒ සදහා විසදුම් ලබාගැනීම වඩා සුදුසු බව එම මහතා මෙහිදී යෝජනා කර සිටියේය. පළාත තුල ස්ථාන මාරු පටිපාටිය ක්‍රියාත්මක කිරීමේ දී දුෂ්කර ප්‍රදේශ වෙත ස්ථාන මාරුවීම් සිදුකිරීමේදී ප්‍රායෝගික ගැටලු මතු ව පවතින බවත්, ඒ සදහා අදාල අංශ සමග ද සාකච්ඡා කර විසදුමක් ලබාගැනීමේ අවශ්‍යතාවය පවතින බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටියේය.
ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන්, නුවරඑළිය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.බී.රත්නායක, ආර්.රාමේෂ්වරන්,වී. රාධක්‍රිෂ්ණන් යන මහත්වරුන් ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් නන්දන ගලබොඩ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද මෙම සාකච්ඡාව සදහා එක් විය.
– ආර්.එෆ්.එම්.සුහෙල්