පසුගිය කාලයේ රෝහිත රාජපක්ෂ මහතාද මැදිහත්වී අභ්‍යවකාශගත කරන චන්ද්‍රිකාව වියදම දරුණු ලද්දේ පෞද්ගලික ආයතනයකින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එය රජයේ ආයතනයක් නම් එය කෝප් කමිටුවට ඉදිරිපත් කළ යුතු නමුත් පුද්ගලික ව්‍යාපාර කරන ආයෝජන ගැන ප්‍රශ්න කිරීමට නොහැකි බවද හෙතෙම පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එම ආයෝජනය ගැන විමසීමට අවශ්‍ය නම් එය ඔහුට ඒ ගැන පරීක්ෂණ කර කර රජයේ ආයෝජන ඇත්තේනම් කෝප් කමිටුවට කැඳවිය හැකි බවද ඔහු පැවසීය.
මෙම ප්‍රකාශයන් මඩ ගැසීමට පමණක් සීමා වී ඇති බවත් එසේ මඩ ගැසීමෙන් ආර්ථිකයක් දියුණු කර නොහැකි බවත් ඔහු කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ බණ්ඩාරගමදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බලමන්ඩල හමුවක් අමතමිනි.
ඉන්දියාව විසින් සඳට යවන ලද චන්ද්‍රයාන් යානය සඳහා වියදම ඩොලර් මිලියන 75ක් වෙද්දී ශ්‍රී ලංකාවෙන් ගුවන් ගත කරන ලද චන්ද්‍රිකාවට ඩොලර් මිලියන 320 ක් වියදම් වී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව කියා සිටියේය.