නීති විරෝධී මූල්‍ය ආයතන, පිරමීඩ යෝජනා ක්‍රමවල රජයේ නිලධාරින් විශාල පිරිසක් රුපියල් කෝටි ගණනක මුදලක් ආයෝජනය කර ඇති බවත් එලෙස මුදල් ආයෝජනය කර තිබෙන පුද්ගලයන් අතර පොලිස් නිලධාරින් රැසක්ද සිටින බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පවසනවා.
මෙම පිරමීඩ ජාවාරමේ මුදල් ආයෝජනය කළ රාජ්‍ය නිලධාරින් අතර විදුහල්පතිවරු, වෛද්‍යවරු, ගුරුවරු, ගණකාධිකාරිවරු, අමාත්‍යාංශවල ඉහළ තනතුරු දරන නිලධාරින්ද උපකාරක පන්ති ගුරුවරුන් මෙන්ම ස්වාමීන් වහන්සේලා පිරිසක්ද සිටින බවයි සඳහන් වන්නේ.
මේ අතර, නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රමවලට ජනතාව පොළඹවන අයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිය ක්‍රියාත්මක කළ හැකි බවත් එය නීතිමය වශයෙන් ඇප දිය නොහැකි වරදක් බවත් එවන් පුද්ගලයන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු මේ වනවිටත් දැනුම් දී තිබෙනවා.