හොරණ ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන හමුදා සැරයන්වරයෙකු කාන්තා යට ඇඳුමකින් කැද සිටියදී අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය සඳහන් කරයි.
යුද හමුදා කදවුර ආසන්න නිවසක කාන්තාවගේ යට ඇඳුම් දිගින් දිගටම නැතිවීම සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය දී රාත්‍රී කාලයේ මෙම පුද්ගලයා පැමිණ වැලේ වනා තිබූ යට ඇඳුමක් සොරා ගෙන තිබේ.
ඔහු එලවා ගොස් අල්ලා ගැනීමට සැරසුනත් කම්බියෙන් රිංගා ඔහු කඳවුරට පලාගොස් තිබූ බව පොලීසිය පවසයි.
පසු දින පොලිස් නිලධාරීන් ද සමග විදුලි පහන් නිවා රැක සිටියදී මෙම පුද්ගලයා පැමිණ ඇති අතර අතටම අල්ලා ගැනීමට හැකි වී තිබේ.
ඔහු පරික්ෂා කිරීමේදී කාන්තා යට ඇඳුමක් හැඳ සිටි අතර එය පෙර දින සොරා ගත් එක බව කාන්තාව හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතළිහක් වන අයෙකි.