නිසි ලෙස රැකියාව නොකරන රාජ්‍ය සේවකයන්ට දඬුවම් දීමටත් රැුකියාව නිසියාකාරයෙන් කරන අයට ඇගයීම් කරන්නටත් හැකි ක්‍රමවේදයක් හැදුවේ නැත්නම් රටට ඉදිරියට යාමට නොහැකි බව වාරිමාර්ග හා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.
රටක් ලෙස නැගිටින්න නම් මෙරට රාජ්‍ය සේවකයන්ගේ කාලය අනුව නොව හැකියාව අනුව උසස්වීම් ලබාදී යුතු බවද හෙතෙම පැවසීය.
රාජ්‍යය සේවකයන්ගේ වගකීම සහ වගවීම නැතිවීම නිසා රට තුල ජල කළමනාකරණ ප්‍රශ්නය මෙතරම් උග්‍ර වී ඇතැයිද ඔහු කියා සිටියේය.
අමාත්‍යාංශයේ පැත්තෙන් නිලධාරින් වගකීම සහ වගවීම ඉටුකර නැතිනම් ඒ පිළිබඳව විනය පියවර ගැනීමට කටයුතු කර තිබෙන බවද කී ඔහු මේ පිළිබඳව අමාත්‍යංශයේ ලේකම්වරයා හරහා විමර්ශනය කොට ක්‍රියාමාර්ග ගත යුතු බවද පැවසීය.