මත්පැන් මිල අඩු කළ යුතු බව සංචාරක රාජ්ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.
අද පාර්ලිමේන්තුව අමතමින් ඇය කියා සිටියේ අලෙවිය ඉහළ දමා රාජ්ය ආදායම වැඩි කර ගැනීම සඳහා මෙය ප්රයෝජනවත් වන බවයි.
මත්පැන් බිල අඩු කළ විට වැඩි පිරිසක් මත්පැන්වල දී ගැනීම හරහා රජයට වැඩි බදු ආදායමක් ලැබෙනු ඇති බවද ඇය පෙන්වා දෙයි.
එසේ නොවන්නේ නම් ලංකාවේ මත්පැන් තහනම් කර සුරාබදු දෙපාර්තමේන්තුව වසා දැමීමට සිදු වනු ඇති බවද ඇමතිනිය කියා සිටියාය.