තමන්ට කෘෂි, සත්ව පාලන හෝ ධීවර රැකියාවක් ලබා දෙන්නැයි පානදුර නගර සභාවේ හිටපු සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක විවෘත ඉල්ලීමක් කරනවා.
ඒ, තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.
ඔහු පවසන්නේ පවතින තත්වය යටතේ තමන්ට ගෙවීමට ඇති ණය පියවා දැමීම අසීරු වී ඇති බවයි.
ජනතා විමුක්ති පෙරමුණ තුළින් දේශපාලනයට පිවිසි නන්දන ගුණතිලක, 1999 වසරේ පැවැති ජනාධිපතිවරණය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වුණා.
පසුව මතභේදාත්මක සිදුවීම් මත පක්ෂයෙන් ඉවත් වන ඒ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින්.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්මය සම්බන්ධ උපාධිධාරීයෙකු වන ඒ මහතා පරිසරවේදීයෙකු සහ මාධ්‍යවේදියෙකු වශයෙන්ද විවිධ අවස්ථාවල කටයුතු කර තිබෙනවා .
ඔහු විසින් තබා තිබෙන සටහන පහතින්.
Good news