පාසල් සිසුවෙක් විසින් වෛද්‍ය ශිෂ්‍යාවක් අපයෝජනයට ලක්කළ පුවතක් ජා-ඇළ ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ විසි දෙහැවිරිදි ජා-ඇළ නිවන්දම ප්‍රදේශයේ පදිංචි තරුණියක් ය.
ජා-ඇළ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පාසල් සිසුවා දාහත් හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වේ.
විමර්ශනවල දී හෙළි වී ඇත්තේ ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇති බවයි.
කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් පාසල් සිසුවා අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.




























