BYD විදුලි මෝටර් රථ 1000ක් රේගුව මගින් නිදහස් නොකිරීම හේතුවෙන් එම වාහන හරහා බදු වංචාවක් සිදුවන බවට රටටම හෙළිදරව් වූ අතර එයට ප්‍රධාන හේතුව වුයේ BYD Atto 3 රථ වල මෝටරය 150KW බවට ජාත්‍යන්තරව පිළිගැනුනත් ලංකාව ඇතුළු රටවල් කිහිපයකට එම රථය Firmware Downgrade කොට බදු සහන ලබා ගැනීම වෙනුවෙන් ආනයනය කිරීමට අදාළ සමාගම් කටයුතු කිරීම නිසාය.
පෞද්ගලිකව එම රථයම ආනයනය කල අයට 150KW වලට අදාළ බදු අය කෙරුණත් නිල ආනයන සමාගම වන ජෝන් කීල්ස් හරහා වහනය ගෙන්වන විට එම වාහනයටම ලක්ෂ 30-40ක බදු සහන ලැබෙන බවට චෝදනා එල්ල වීම නිසා අර්බුධය හටගත්තේය.
මේ කතාන්දරය හැමෝම දන්නා කතාව වුවත් BYD ඇතුළු විදුලි වාහන ගෙන්වන අනෙකුත් සමාගම්ද මේ බදු මගඩියට සම්බන්ධ වි ඇති බවට සාක්කි සහිතව මේ වනවිට ඔප්පු වී හමාරය. මේ වනවිට තවත් BYD වාහන තොගයක් වරායේ හිරවී ඇත්තේ මේ බදු සෙල්ලම තවත් ඔඩු දුවවමිනි.
ලොකු ලොකු කොම්පැනි වලට එක නීතියකුත් පොඩි පොඩි කොම්පැනි වලට තවත් නීතියකුත් රේගු ආඥා පනතේ තිබෙනවාද කියා අප නොදනිමු. නමුත් මේ බදු සෙල්ලම හරහා සමාගම් මහා පරිමාණ ලාභ උපයනවානම් එය මේ රටේ ජනතාවට කරන මහා ව්‍යසනයක් බව කිව යුතුය.
වාහනයක් ගන්න සිහින දකින ජනතාවගේ ඒ සිහින මරා දමමින් බදු ගසනා ආණ්ඩුව නම ගිය කොම්පැනිවලට ලාභ උපයන්නට ඉඩ දී බලා සිටිනවාද නැද්ද යන්න පොදු මහ ජනතාව මේ මොහොතේ දෑස් අයාගෙන බලා සිටින්නේ පසුගිය කාලයේ මෙවැනි වංචා වලට අවි අමෝරාගෙන කෑ මොර දුන් පිරිසක් මේ වනවිට රාජ්‍ය බලය හොබවන නිසාවෙනි.
කෙසේ වෙතත් මේ බදු සෙල්ලම පිටුපස සිටින අනෙකුත් සමාගම් හා ඔවුන් රජයට හා මේ රටට වංචා කල බදු සම්බන්ධව සටහනක් පහතින් අප ඉදිරිපත් කරමු. අදාළ සමාගම ගෙන්වූ වාහන ප්‍රමාණය සමඟ එක එක වාහනයකින් සිදු වූ බදු වංචාව සමබන්ධව ගණන් හිලව් හදා ගැනීම ඔබට බාරදෙමින් සමාජ මාධ්‍යක් ලෙස ජනතාවට තොරතුරු හෙළිදරව් කිරීම අපි මෙසේ ඉටු කරන්නෙමු.
මේ බදු සෙල්ලමේ ඉදිරිය ගැන තිරය පිටුපස තවත් ජවනිකා ඉදිරියේදී ඔබට හෙළි කරන්නට සුදානම් බවත් හැංගි හැංගි වෙස් බඳින හැමෝටම නටන්න වෙන්නේ එළිපිට බවද අප තරයේ මතක් කර සිටිමු.
මේ බදු වංචාව සම්බන්ධයෙන් පළවූ තවත් සමාජ මාධ්‍ය හෙළිදරව්වක් පහතින්…
@third.world.cafe ආයෙ BYD හිරවෙලා නේද? #foryou #fyp #fypシ゚ #bydsrilanka #srilanka
මේ සම්බන්ධයෙන් අනිල් ජයන්ත ප්‍රනාන්දු අමාත්‍යවරයා දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් දැක්වූ අදහස් පහතින් නරඹන්න