නුවරඑලිය දිස්ත්‍රික්කය තුල පිහිටි වනජිවි සහ වන සංරක්ෂණ රක්ෂිත වලට මින් ඉදිරියට ඇතුල්විම හෝ එම රක්ෂිත වල පිහිටි කදු තරණය කිරිම සහ එම කදුවල කදවුරු බැදිම (04) දින සිට සපුරා තහනම් කල බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසිය.
තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ අභිරහස් ලෙස මියගොස් සිටි හදුනා නොගත් කාන්තා මල සිරුරක් හමුවිමෙන් පසු වනජිවි නිලධාරින් , වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින් සහ පොලිස් නිලධාරින් සමග (04) දින නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව සියළු පාර්ශවයන්ගේ එකගතාවයන් මත මෙම තිරණය ගත් බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.
මෙහිදි මාධ්‍යට අදහස් දැක් වු නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා කියා සිටියේ
පසුගිය සතියේ ආන්දෝලනයට තුඩුදුන් නුවරඑළිය ලිඳුල ගේට් වෙස්ටර්න් ප්‍රදේශයේ කඳු මුදුනේ හමු වූ නාදුනන කාන්තා මළ සිරුරක් සමග උද්ගත වූ ගැටලුවත් සමග මින් ඉදිරියට නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි ඕනෑම කන්දක දැකීමට හෝ සංචාරය කිරීමට අවශ්‍ය නම් එම කඳු අයත් රජයේ ආයතනවලින් අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව එම අනුමැතිය ළඟම ඇති පොලිසිය වෙත ඉදිරිපත් කර පොලිසියේද අවසරය ලබා ගැනීමෙන් අනතුරුව අදාල ස්ථානයන්ට සංචාරය කළ යුතු වන අතර, ගමන අවසානයේ ද නැවතත් දුරකථන මාර්ගයෙන් පොලිසියට සිය සංචාරය අවසන් කල බවට දැනුම් දීම සිදු කල යුතු බවයි.
මෙම උපදෙස් අනුගමනය නොකරමින් සංචාරය කරන පුද්ගලයන් අදාල රක්ෂිත හෝ කදු භාර රාජ්‍ය ආයතයවලින් අත්අඩංගුවට ගෙන දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කරන බවයි.
මෙම ක්‍රමවේදය ආරම්භක අවස්ථාවේදී සාමාන්‍ය පරිදි ක්‍රියාවට නංවන බවත් , ඉදිරියේදි දුරකථන යෙදුමක් භාවිතා කරමින් අවශ්‍ය අවසරයක් ලබා ගැනීමට කටයුතු සම්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
– රංජිත් රාජපක්ෂ