නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද (25) අලුයම අනතුරකට ලක් වී තිබෙනවා.
එම ඩිෆෙන්ඩර් රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව දියවන්නා වගුරු බිමට පෙරළී ගොස් ඇති බවයි වැලිකඩ පොලිසිය පවසන්නේ.
කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේදී ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා එම රථයේ නොසිටි බව සඳහන්.
අමාත්‍යංශයේ සිට ආරක්ෂක ලේකම්වරයා රැගෙන ඒ්මට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් රියදුරුට තුවාළ සිදුව නැති බවයි වාර්තා වන්නේ.