කැබිනට් මණ්ඩලයේ සාමූහික තීන්දුවකට පිටින් අදහස් ප්‍රකාශ කිරීමට සම්බන්ධයෙන් ක්‍රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්ග ඇමති රොෂාන් රණසිංහ මහතාගෙන් කරුණු විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
ඒ අනුව ලබන සදුදා දිනයේ ජනාධිපති කාර්යාලය පැමිණ කරුණු දක්වන ලෙස රොෂාන් රණසිංහ මහතාට දැනුම් දී තිබේ.
උඩවලවේ ජලාශයේ ජලය බලාපොරොත්තුවෙන් වගා කළ ගොවිබිම් සඳහා ජලය නිකුත් කළහොත් දකුණු පළාතට ඇතුළු දිස්ත්‍රික්ක පහක විදුලි කප්පාදු කිරීම සිදු වන නිසා අඛණ්ඩ විදුලි සැපයුමක් සැපයුමක් ලබා දෙමින් වගා බිම් සඳහා මොනරාගල සිට ජලය ගෙන ඒමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයට විරුද්ධ එරෙහිව මාධ්‍ය හමුවකදී වෙනත් අදහසක් පළ කිරීම නිසා මෙසේ කරුණු විමසීමට තීන්දු කර ඇත.
උඩවලවේ ජලය මගින් ගොවිතැන් කරන ගොවීන්ට වගා හානියක් සිදුවුවහොත් ඒ සඳහා වන්දි ලබාදීමට ද කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබේ.
කෙසේ වෙතත් අමාත්‍ය රොෂාන් රණසිංහ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ ගොවිබිම් සඳහා ජලය ලබා නොදීම ගොවි පුතෙක් ලෙස තමන්ට බලා සිටීමට නොහැකි බවයි.
මොණරාගල සිට ජලය ගෙනවිත් ප්‍රශ්න විසඳන්න බැරි බවත් වලවේ ගොවි බිම් සඳහා ජලය දිය යුතු බවත් හෙතෙම පැවසීය.