සමගි ජන බලවේගයේ මන්ත්‍රී ධුරයෙන් තලතා අතුකෝරල ඉල්ලා අස්විමෙන් පසුව එම පක්ෂයේ මන්ත්‍රි එස්. එම්. මරික්කාර් “වලව්කාර අම්මන්ඩි“ ලෙස හැඳින්වූව ද එම හැඳින්වීම ජලනි ප්‍රේමදාසට යොදා ගන්නා ලද්දක් බව හෙළි වී තිබේ.
රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ 2015-2019 නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික ඇමති ලෙස පත්වී සිටි සජිත් ප්‍රේමදාස සිදු කළ අයථා බඳවා ගැනීම් සමඟ එම ආමන්ත්‍රණය බැඳී තිබූ බව අනාවරණය වේ. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට බඳවා ගත් පිරිසක් ජලනි ප්‍රේමදාසගේ ජාල් නමින් හැඳින්වූ රූපලාවන්‍යාගාරයේ කටයුතුවලට යොදවා තිබිණි. එසේ යොදවන ලද සේවකයින් හට අනවශ්‍ය පීඩනයක් එල්ල කිරීම නිසා එවකදී ඔවුන් ජලනි ප්‍රේමදාසව “වෙන්ඩ වලව්කාර අම්මන්ඩි කෙනෙක්“ යනුවෙන් හඳුන්වා ඇති බව ඇති හෙලි වී තිබේ.
මරික්කාර් මන්ත්‍රීවරයා තලතා අතුකෝරල සම්බන්ධයෙන් “වලව්කාර අම්මන්ඩි“ යනුවෙන් හැඳින්වූයේ ජලනි ප්‍රේමදාසට පටබැඳී තිබූ එම ආමන්ත්‍රණය පිළිබඳව දැනුවත්ව ම විය හැකි බව එවකට ඉංජිනේරු සංස්ථාවේ සිටි සේවකයින් ප්‍රකාශ කරන බව හෙළි වේ.