තමන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට පසුගිය 21වනදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාල තවමත් තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් වෙත යොමු කර නැතැයි වාර්තා වේ.
මෙලෙස ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම් වෙත නිකුත් නොකිරීමෙන් එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු වීමේ නිවේදනය මැතිවරණ කොමිසම වෙත නිකුත් කිරීමට නොහැකි තත්වයක් මතුව තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරුන්ගේ මනාප ලයිස්තුව අනුව මීලඟට පත්වීමට නියමිත ඇත්තේ හිටපු මන්ත්‍රී කරුණාරත්න පරණවිතානය.
දේශපාලන විචාරකයින් පවසන්නේ මෙලෙස මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දෙනතුරු එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු නොවන බවත් යම් මන්ත්‍රීවරයෙකු හෝ මන්ත්‍රීවරියක නිවාඩු අනුමත කර නොගෙන මාස තුනකට වැඩි කාලයක් එකදිගට පාර්ලිමේන්තුවට නොපැමිණියහොත් මන්ත්‍රී ධුරය ස්වභාවිකවම අහෝසි වන බවය. ඒ අනුව මන්ත්‍රී තලතා අතුකෝරාල යමි හෙයකින් ඉල්ලා අස්වීමේ ලිපිය නිකුත් නොකළහොත් මීලඟට පත්වීමට සිටින හිටපු මන්ත්‍රී කරුණාරත්න පරණවිතානට අවස්ථාව අහිමි වී යනු ඇති බවය. ඒ අනුය තමන්ට හිතවත් මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට ලබාගැනීමේ සජිත් ප්‍රේමදාසගේ අපේක්ෂාව බිඳවැටී යනු ඇති බව දේශපාලන විචාරකයෝ වැඩිදුරටත් පවසති.