අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි ගමන්ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටීමට හේතුව අයහපත් කාලගුණය සහ යානයට එහි බර පාලනය කිරීමට නොහැකිවීම බව
එරට රජයට සම්බන්ධ පුවත් ඒජන්සියක් සඳහන් කරයි.
පසුගිය මැයි මාසයේ සිදුවූ එම අනතුරින් ඉරාන ජනපතිවරයා එම ස්ථානයේදීම මියගොස් තිබුණි.
අනතුර සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණ වලදී යානයට ප්‍රහාරයක් එල්ල වූ බවක් හෝ වෙනත් බාහිර අකටයුත්තක් හෝ සිදුවූ බවක් හෙළි නොවූ බව බලධාරීහු පවසති.
යානය අසර්බයිජාන් දේශසීමාව ආසන්නයේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටෙන විට එහි නියමිත ප්‍රමාණයට වඩා පුද්ගලයින් දෙදෙනෙක් ගමන්කර තිබූ බව අනාවරණය වී තිබේ.